රුකියාව නිදාගැනීම. වැටුප ලක්ෂ 23යි


නාසා ආයතනය විසින් අවකාශය තුල මාංශ පේශිවල සහ අස්ථි වල හැසිරීම පිළිබද අවබෝධ කරගැනීම සදහා පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා. ඔවුන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයෙකු
යොදාගෙනයි. මෙම පුද්ගලයා යොදා ගනිමින් නාසා ආයතනය සිදු කරන්නේ එම පර්යේෂණයේම කොටසක් වන ‘‘ක්‍ත්‍ඔ 70’’ අධ්‍යයනයයි.


 මේ සදහා එම පුද්ගලයාට නාසා ආයතනය විසින් විශාල මුදලක් ගෙවනු ලබනවා. මෙම පරීක්ෂණය සදහා මේ දක්වා පුද්ගලයින් 54 දෙනෙක් යොදා ගෙන ඇති අතර ඒ සදහා යොදාගන්නා අවසාන පුද්ගලයා මොහුය. මේ දක්වා සති 3ක කාලයක් වැතිරී සිටි ඔහුට තවත් සති 7ක කාලයක් මෙසේ සිටීමට සිදුවෙනවා.

ඔහුට කිරීමට තිබෙන්නේ ඇදක වැතිරී සිටීමට පමණයි. මාස තුනක් ඇදමත වැතිරී සිටීම වෙනුවෙන් ඔහුට නාසා ආයතන විසින් ඩොලර් 18,000 (රුපියල් 2,300,000 * මුදලක් ගෙවයි.

ඔහු පවසන පරිදි මුල් දින කිහිපයේදී මෙම කාර්යය යම් අපහසුවක් දැනුනද කල්යාමේදී මෙයට හුරු වීමට හැකි වුණු බවයි. තවද ඔහු රුපවාහිනිය බැලීම සහ පුවත්පත් කියවීම මගින් යම් යම් අපහසුතා මග හරවා ගැනීමට හැකිවී තිබෙනවා. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment