තව දේව දරුවෙක්

2345570E00000578-2839527-image-53_1416326306147
අත් සතරකින් හා පා සතරකින් යුතු පිරිමි දරුවෙක් නැගෙනහිර ඉන්දියාවේ බරුයිපූර් ප‍්‍රදේශයේ උපත ලබා සිටී.
දෙමව්පියන් මෙන්ම ප‍්‍රදේශවාසීන්ද දැනටමත් මේ දරුවාට දේවත්වයක් ආරූඪ කර ඇත.දරුවාට
නම් තබා ඇත්තේද ‘‘ගෝඞ් බෝයි (දේව දරුවා)‘‘ ලෙසය.
දරුවා බැලීමට දස දෙසින් ජනතාව පැමිණෙමින් සිටින බවත් ඔවුන් පාලනය කිරීම ඉතා අපහසු බවත් ප‍්‍රදේශයේ පොලිසිය කියයි.
වෛද්‍යවරුන් පවසන්නේ දෙබිඩි දරුවෙකු උපත ලැබීමට තිබෙද්දී ඇතිව ඇති විකෘතිතාවක් නිසාවෙන් දරුවා මෙසේ උපත ලබා ඇති බවයි.වැඩිපුර ඇති ගාත‍්‍රා ඉවත් කර දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකි බවද ඔවුන් කියයි.
නමුත් දරුවාගේ දෙමව්පියන් මෙන්ම ඔහු වටා ගොඩනැගෙමින් සිටින අනුගාමීන්ද ඊට අකමැතිය.මේ දරුවා දෙවියන්ගෙන් ලද සළකුණක් යැයි ඔවුහු දැඩිවම විශ්වාස කරති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment