ලොරියත් රැගෙන දුව ගේන්න ගිය මවුපියන්ට තරු පෙනිලා


සැමියාගේ කරදර හිරිහැර නිසා තමන්ගේ දේපළද රැුගෙන නිවසට ඒම අවශ්‍ය බව දැන්වූ තරුණ බිරියක කැඳවාගෙන ඒමට මාපියන් එහි යනවිටදී දෙදෙනා කෙළිදෙලෙන් පසුවූ පුවතක් වයඹ පළාත් ගම්මානකින් ඉකුත් සති අන්තයේදී වාර්තා විය.


වසරකට දෙකකට පෙර විවාහවී ඇය වයඹ පළාතට ගියාය. දෙදෙනා නිතර අඩදබර වෙමින් පවුල් දිවිය ගත කළ අතර හත් අට වතාවක්ම බිරිය මාපිය සෙවන බලා ගියාය. එසේ ගිය සෑම අවස්ථාවකදීම සැමියා ඇය කැඳවාගෙන යාම සිරිතක් විය.

අවසන් අවස්ථාවේ සැමියා සමග පිටත්ව යන අවස්ථාවේ බිරිඳ ආයෙත් මට කරදර කළොත් බඩු මුට්ටුත් අරගන ගෙදර එන බව පැවසුවාය.

මාස කීපයකට පසු බිරිය සිය මවට දුරකථන ඇමතුමක් දෙමින් සැමියා හොඳ හැටි පහර දුන් බවත් ඒ නිසාම යළි ඔහු හා සිටිය නොහැකි බැවින් කැඳවාගෙන යාමට එන ලෙසත් ඉල්ලා සිටියාය.

එමෙන්ම තමන් දෑවැද්දට රැුගෙන ආ දේපළ ආපසු ගෙන යාමට ලොරියක් රැුගෙන එන ලෙසද ඇය මාපියන්ට දැන්වූවාය.

දියණියගේ විලාපය ඇසූ මවුපියන් ඉක්මනින් දුර කතර ගෙවා බෑනාගේ ගෙදරට ගියේ ලූණු ඇඹුල් ඇතිව දෙකක් කියා, දියණිය ගෙදර කැඳවාගෙන එන අදහස ඇතිවය.

ලොරිය මිදුලේ තබා නිවසට යද්දී බෑනා හා දියණිය සතුටින් සිනහවෙමින් හුරතල් වෙමින් සිටිනු දුටු මවුපියන් තුෂ්නිම්භූත වී තම දියණියට හොඳ හැටි බැණ වැදී ලොරියත් සමග ආපසු ගමට ආවේ රුපියල් විසිපන් දහසක් ලොරි කුලිය ලෙස ගෙවමිනිි.
උතුර දකුණ බලාගැනීමට බැරි තරමට ඔවුන්ගේ රතු ඉර පැන තිබිණි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment