
අපේ ඇම්ඩන් සුමනගේ ගෙදර ගිහින් (ඔවු, ඔවු, අර සුමනම තමයි!). සුමනා ගෙදෙට්ට අළුත් බඩුවක් ගෙනල්ල. බඩුවක් කිවුවට බඩුවක් නෙමෙයි, මූ ගිරවෙක්. නිකම්ම ගිරවෙක් නෙමෙයි සාස්තර එකෙක්.
උගේ වම් කකුලෙන් ඇද්දම ඌ අතීතේ ගැන කියනව. දකුණු කකුලෙන් ඇද්දම අනාගතේ ගැන කියනව. ඔන්න ඉතින් අපේ ඇම්ඩටත් සුමනා ගිරව පෙන්නුවා. ඇම්ඩා වම් කලුලෙන් ඇද්ද. මෙන්න මූ ඇම්ඩගෙයි සුමනගෙයි හොර සීන් ගඟ ගලනව වගේ කියාගෙන යනව!. එන පොට හොඳ නැති නිසා ඇම්ඩ වම් කකුල අත ඇරක දකුණු කකුලෙන් ඇද්ද. ඇම්ඩගේ අනාගතේ කරන අබ්ඩු ගැහීම් ගැම මෙන්න මූ හෙන චූර්ණිකාවක් දෙනව. වැඩේ ආයෙත් අප්සට්. ඒ නිසා ඇම්ඩ ගිරවගෙ කකුල අත ඇරිය. දැන් සීන් ඔක්කොම සුමනට මාට්ටු! මේක වහ ගන්නත් විදියක් ඕන. කල්පනා කරද්දී ඇම්ඩ හිතුව මුගේ කකුල් දෙකෙන ඇද්දොත් මූර අතීතෙයි, අනාගත්යි ටැපලිලා පිස්සු කියවයි කියල. එතකොට සුමන හිතන්නෙත් මූ පිස්සු කියවනව කිය්ලනෙ! එහෙම හිතල ඇම්ඩ ගිරවගෙ කකුල් දෙකෙන්ම ඇද්ද. ගිරවත් ඇමඩන් ගිරව්ක් කියල ඇම්ඩ දැනන් හිටියේ නෑ. ගිරව අහනව “ඇයි හුත්.....ගෙ පුතෝ, තෝ කකුල් දෙකෙන් ඇද්දම මම හිටගන්නේ පකෙන්ද?” කියල.
0 comments:
Post a Comment