මාමයි බෑනාගෙයි දබරයට කටඋත්තර ගන්න ආ කොස්තාපල් නිරුත්තරවෙලා


මාමා බෑනා අතර අරගලයක් නිසා කැපුම් තුවාල ලද මාමාත්, බෑනාත් පසුගියදා රෝහලට ඇතුළු වූ අතර කොස්තාපල්වරයකු මාමාගෙන් මේ ගැටුම පිළිබඳව කට උත්තරයක් ගනිමින් සිටියේ
ඔහුගේ ඇඳ අසලදීය.

”තමුන්ගේ වයසවත් බලලද මේ විදියට කපල තියෙන්නේ? මුන්ට කිසිම සමාවක් දෙන්න නරකයි.” කී පොලිස් නිලධාරියා ‘‘මේ පෝරිසාදයා කොහේද... ඉන්නේ” ඇසුවේ කෝපයෙනි.

මෙහිදී මඳක් තැතිගැන්මට පත්වූ මාමා තම ඇඳට මදක් එහා වූ ඇඳක් දෙස හොරැුහින් බලා තම දකුණත මිට මොලවා මහපට ඇඟිල්ල දිගු කොට සොලවමින් ඒ ඇඳ පෙන්වූයෙන් පොලිස් නිලධාරියාට තරු පෙනිණ.

මේ සාකච්ඡුාව දෙස බලා සිටි බෑනාගෙන්ද දෙවනුව කට උත්තර ගැනීමට පොලිස් නිලධාරියා කටයුතු කළේ සිය කෝපය මඳකට යටපත් කර ගෙනලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment