බිව්වම එලියට එන දේ


ජයසේකර, රූපසේනත් එක්ක බාර් එකකට ගොඩ වැදුණේ පඩි දවසේ හැන්දෑ යාමේ ගෙදර යන ගමන්.
කටගැස්මකුත් එක්ක අරක්කු භාගයක් ඇණවුම් කළ මේ දෙදෙනා 

ටිකෙන් ටික දොඩමලු වුණා. අරක්කු භාගෙ ඉවර වෙලා, දෙවැනි වර ඇණවුම් කළ අරක්කු භාගයේ පතුල පෙනෙන ගාණට එනකොට දෙන්නටම හොඳ ගණන්.
ජයසේකර රූපසේන දිහා බලලා වෙරි මරගාතෙම මෙහෙම කිව්වා.
මචං රූපෙ, බොනකොට, මිනිහෙකුගේ පපුවේ හැංගිලා තියෙන දේවල් නිකම්ම එළියට එනවා. නැද්ද මං කියන්නේ.
රූපසේන ඉබේ කඩා වැටෙන බෙල්ල අමාරුවෙන් උස්සලා බාගෙට පියවුණු ඇස්දෙක ලොකු කරලා මෙහෙම උත්තර දුන්නා.
ඒ විතරක් නෙමෙයි. බීලා වැඩි වුණොත් බඩේ තියෙන ඒවත් සේරම එළියට එනවා මචෝ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment