සැමියාගේ අත් පා බැඳ ගොළු බිරිඳ වරින් වර දූෂණය කරලා


තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ගොලු යුවලක්‌ පදිංචිව සිටින නිවසකට ඉකුත් 14 දා රාත්‍රී කඩාවැදුණු තරුණයන් තිදෙනකු හතළිස්‌ හතර හැවිරිදි ගොලු කාන්තාවට අතවර කර ඇත.


ගොලු යුවල නිදා සිටියදී නිවසට ඇතුළු වී ස්‌වාමිපුරුෂයාගේ අත් පා බැඳ දමා තරුණයන් තිදෙනා බිරිඳ වරින් වර දූෂණය කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

අතවරයට ලක්‌ වූ කාන්තාව තණමල්විල රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් අපරාධය පිළිබඳව ගොලු යුවලගෙන් තොරතුරු ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බැව් තණමල්විල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා පැවැසීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment