ඔන්න පොඩි කෙල්ලොන්ට class යනව කියල වැරදි ගමන් ගිහින් ඉවරයි


පංති යන මුවාවෙන් අයා‍ලේ ගිය දරුවන් ගැන තොරතුරු නිතර අසන්නට ලැබේ. විශේෂයෙන්ම ඉරිදා සෙනසුරාදා දිනනවල ප්‍රධාන නගර ආශ්‍රිත ලැඟුම්හල් ලාබාල දරුවන්ගෙන් පිරෙන බව බොහෝ දෙනා පවසයි. පංති යන මුවාවෙන් අනාචාරයේ යෑම් බහුල බවට තොරතුරු වාර්තා වෙන වකවානුවක ඊට වැට
බැදීමට සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නවතම ඉලෙක්ටේ‍රා්නික් නිර්මාණයක් හඳුන්වා දී තිබේ. චමින්ද කණ්ඩම්බි මෙම ඉලෙක්ටේ‍රා්නික් කාඩ්පත හඳුන්වාදුන් නියමුවාය. මේ ඔහු සමඟ කළ කෙටි සංවාදයයි.
Chaminda


මොකද්ද මේ අලුත්ම හඳුන්වාදීම?
ටියුෂන් සිසුන්ගේ ආරක්ෂාවට ඉලෙක්ටේ‍රා්නික් කාඩ්පතක්. කෙටි පණිවිඩ හරහා තමයි මේ පහසුකම් ලැබෙන්නේ. දෙමාපියන්ට තම ළමයාගේ ආරක්ෂාවට වගේම කරදරයක් නැතුව පංතියට ගියාද, පංතිය අවසන් වුණ වෙලාව කීයද කියලා එසැනින් දැනගැනීමට අවස්ථාවක් මෙම කාඩ්පත තුළින් ලැබෙනවා. ඒ වගේම ගුරුවරයාට සිසුන්ගේ පැමිණීම සහ පංති ගාස්තු ගෙවීම් සටහන් කරගැනීම් සම්බන්ධවත් පහසුකම් මේ කාඩ්පත හරහා ලැබෙනවා. මේක ස්මාර්ට් ජංගම දුරකතන app එකක්. මේ ක්‍රිමයෙන් දරුවාට අමතර පංති, අවලංගු වන පංති පිළිබඳව කල්තියා දැනගැනීමේ හැකියාව පවා ලැබෙනවා. ඒ වගේම පංති නොපැමිණි සිසුන්ට එදින උගන්නපු පාඩම දැන ගැනීමේ හැකියාව පවා මේකෙන් ලැබෙනවා.
මෙහෙම දෙයක් කරන්න හිතුවේ ඇයි?
මහාචාර්ය ප්‍රසන්න ලියනගේ මගේ අක්කගේ මහත්තයා. ඔහු තමයි මාව මේකට පෙළඹවූයේ. දිගු කාලයක් තිසේසේ කළ අත්හදා බැලීම තුළින් මේ තාක්ෂණය සොයා ගත්තා.  
මේ තාක්ෂණය නිසා දරුවෝ ආරක්ෂා කර ගන්න පුලුවන්ද?
පංති යන දරුවන්ට කාලයක් තිස්සේ සමහරු චෝදනා කළා, හොඳ දරුවන්ටත් ඒ චෝදනා එල්ල වුණා. ඉතින් තම දරුවා කරදරයක් නැතුව පංතියට ගියාද, කීයටද ගියේ, පංතිය අවසන් වුණේ කීයටද කියලා දෙමව්පියන් දැනගැනීම් තුලින් එම ආරක්ෂා කරගන්න පුලුවන් කියල මට හිතෙනවා.
කොහොමද මේක පාවිච්චි කරන්නේ?
මුලින්ම application සම්පූර්ණ කරලා තම ගුරුවරයා විසින් අප ආයතනයට (Superb Business Solutions (PVT) Ltd) බාර දුන්විට අප ආයතනයට nfc enable WST Student ID ලබා දෙනවා. ගුරුවරයාට Smart Phone එකට app ලබා දෙනවා. ජංගම දුරකතනය nfc තිබිය යුතුයි. ඔහුට ඒකට වෙනම  user name සහ pass word  ලබා දෙනවා. ඒ හරහා තමයි මේතාක්ෂණය ලබාගත යුත්තේ.
මේ තාක්ෂණය සංකීර්ණ එකක් කියා කෙනෙකුට හිතෙන්න බැරිද?
ක්‍රමවේදය සරල කරලා තියෙන්නේ ජංගම දුරකතනය එම WST id card පත සමීප කළ විගස සියල්ල ස්වයංක්‍රීවය ක්‍රියාත්මක වෙනවා.
මේ තුලින් කොහොමද දෙමාපියන් දැනුවත් වෙන්නේ?
මුලින්ම දරුවා යන පංති wst enable පංතියක්ද කියලා හොයලා බලන්න.
ළමයට wst id card පතක් ඇත්නම් උදා -; දෙමාපියන්ට dialog  දුරකතනයෙන්  reg wstp 77170 sms කරන්න. ළමයට reg wstt 77170 sms  කරන්න. මෙය mobitel සහ etisalat වලින්ද සක්‍රීය  කරගත හැකියාව තියෙනවා. වැඩි විස්තර 0777- 979737  www.wstsystem.com වබේ අඩවියෙන් ලබාගත හැකියි.
මේක ලොකු මිලක් යන වැඩක්ද?
smart ජංගම දුරකතනයක් ප්‍රමාණවත්. අමතර සෙවන සඳහා පරිගනක හෝ tab ප්‍රමාණවත් වෙනවා. මෙම software සහ app යම්කිසි කාලයක් නොමි‍ලේ ලබා දෙනවා.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment