සිව් හැවිරිදි දැරියට අතවර කළ තිදරු පියා වසර 16 ක්‌ හිරේට


වසර 07 කට ඉහතදී සිව් හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීම පිළිබඳව නඩුවක වරදකරුවූ විවාහක දෙදරු පියෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර 16 ක බරපතළ වැඩ ඇතිව සිර දඩුවමක්‌ නියම කළේය.


තවද අතවරයට පත් වින්දිතියට රුපියල් 50000 (පනස්‌ දහසක) වන්දි මුදලක්‌ ද ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් වසර 02 ක සිර දඩුවමක්‌ද නියම කෙරිණි.

මෙසේ දඩුවම් නියම වූයේ ගොම්බද්දර පදිංචි ඡේ. එච්. ආර්. දියාන් ඉන්දික නම් 29 හැවිරිදි අයෙකුටය. 2007.07.01 දිනට ආසන්න දිනයකදී ගොම්බද්දල දී සිව් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අතවරයන් කිරීම සම්බන්ධයෙන්ද ඔහු වරදකරු වී ඇත.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ලක්‌මාලි දිසානායක මෙනවිය පෙනී සිටියාය. විත්තිය වෙනුවෙන් නීතිඥ තිලක්‌ අමරතුංග මහතා පෙනී සිට ඇත.

චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment