රක්‍ෂණ වාරිකය ගෙවීමේදී ආදරය ඉල්ලලා



ඇය හැඩකාර තරුණියකි. රක්ෂණ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. ත‍්‍රිරෝද රථ රියදුරකු ඇය හමුවී ජීවිත රක්ෂණයක් ලබාගත්තේය.
ත‍්‍රිරෝද රථ රියැදුරු රක්ෂණ වාරික මුදල් ගෙවීම ද නිසි අයුරු සිදුකරන ලදී. ඔහු මුදල් ගෙවූයේ රක්ෂණ නියෝජිත තරුණියටය.

මේ අතර එක් මසක වාරික මුදල ගෙවීමේ දී ඔහු රුපියල් දාහක් අඩුවෙන් ගෙව්වේ ඉතිරි මුදල හැකි ඉක්මණින් ගෙවන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි එම මුදල ගෙව්වේ නැත. රක්ෂණ නියෝජිත තරුණිය කිහිප විටක් ඔහු හමුවී ඉතිරි මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින විට මුදල ගෙවීම පසෙක තබා ඇගේ ආදරය ඉල්ලා කන්නලව් කිරීමට පටන්ගෙන ඇත.
එය ඇයට බලවත් හිසරදයක් වීම නිසා මින් ඉදිරියට ඔහුගේ රක්ෂණ වාරික ගෙවීම අදාළ සමාගම වෙත ගොස් සිදුකරන ලෙස දන්වා ඔහුගෙන් ගැලවීමට පියවරගෙන ඇත.
  
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment