කෝලිගෙ හිසෙත් පන්දුව වදී. ක‍්‍රිකට් පිටිය උණුසුම් වෙයි.


සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී මිචෙල් ජොන්සන් යැවූ බවුන්සර් පන්දුවක් විරාත් කෝලිගේ හිස් ආවරණයේ වැදීමත් සමඟ පිටිය තුල
උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.
ඉතා වේගයෙන් පැමිණි පන්දුව කෝලිගේ හිස් ආවරණයේ වැදීමත් සමඟින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වහාම ඔහුවෙත පැමිණි අතර විනිසුරුවරුන්ද කෝලී වෙත පැමිණියේ ඔහුට යම් අනතුරක් සිදුවූවාද යන සැකය මතයි.

මයිකල් ක්ලාක්ද කෝලිවෙත පැමිණි සිදුවීම පිළිබඳව විමසා සිටි අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව කෝලි ඔහුවෙත පවසා සිටියේය.

ක්‍රිකට් ලොවම කම්පාවට පත්කරමින් පසුගිය දිනෙක ෆිල් හියුස් මියගියේද එවැනිම බවුන්සර් පන්දුවක් හිසේ වැදීම නිසාවෙන් මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දැඩි සැලකිල්ලක් දැක්වීය.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment