දියණියන් හතර දෙනාම වරින් වර දූෂණය කරපු පියෙක්


සිය බාල වයස්කාර දැරියන් සිව්දෙනකුට බරපතළ ලිංගික අපයෝජනය කළ පියකු මහනුවර මූලස්ථාන ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් කඩුගන්නාව ‍පොලිස් වසමේ වල්ගොව්වාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කළ පසු අතිරේක මහෙස්ත්‍රාත් එස්.බි.එච්.එම්. සේසිරි හේරත් මහතා සැකකරු මේ මස 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ කඩුගන්නාව, වල්ගොව්වාගොඩ, ‍පොල්වත්ත පදිංචි පනස් හැවිරිදි අයෙකි. සැකකරු සිය 9, 13, 15 සහ 20 හැවිරිදි දැරියන් සිව්දෙනා අපයෝජනය කර තිබුණි. සැකකරුගේ වයස අවුරුදු විස්සක් වූ වැඩිමහල් දියණිය ‍පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ බිරිඳ (දැරියන්ගේ මව) මීට වසරකට පමණ පෙර මියගොස් ඇති අතර ඇයගේ තෙමස් පූර්ණ පින්කම සිදුකළ දිනයේ සිට මේ දක්වා වරින් වර පියා අපයෝජනයට ලක් කර ඇති බව ‍පොලිසිය අධිකරණයට සැලකර තිබේ. අපයෝජනයට ලක්වූ දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා ‍පොලිසියට නියෝග කළේය.

මහනුවර සහකාර ‍පොලිස් අධිකාරී 1 චාමික ප්‍රේමසිරි මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම මහතාගේ අධීක්ෂණය මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ජානකී කුමාරි සෙනෙවිරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් කාන්තා උප ‍පොලිස් පරීක්ෂිකා සුමිත්‍රා යන නිලධාරිනියෝ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment