මර්සිඩීස් බෙන්ස් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජෙරී චෝදනා ලැබ සිටියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසුව ජූරිය එම චෝදනාවෙන් ජෙරී නිදහස් කළේ ය.
නිදහස ලැබූ දිනයේ සවස් යාමයේ ම ජෙරී තමාගේ නඩුව ඇසූ විනිශ්චයකාරවරයා හමුවීමට පැමිණියේ ය.
�උතුමාණනි! මගේ අර ජරා නීතිඥවරයාට වරෙන්තුවක් නිකුත් කරන්න කියා මා ඉල්ලා සිටිනවා� ජෙරී කියා සිටියේ ය.
�ඇයි?� විශ්මයට පත් විනිශ්චයකාරවරයා විමසා සිටියේ ය. �එයා ඔයාගේ නඩුව දිනුවා නේ. එයාව අත්අඩංගුවට ගැනීමට ඔබට වුවමනා ඇයි?�

ජෙරී මෙසේ පිළිතුරු දුන්නේ ය.
�එයාගේ නඩු ගාස්තු ගෙවන්න මට සල්ලි තිබුනේ නැහැ. ඒ නිසා ඒ ජරා මිනිහා ගිහින් මම හොරකම් කරපු කාර් එක ගත්තා.�
0 comments:
Post a Comment