Fun කතා - රිටර්න් එක


එය අලුත්ම සිංහල චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයයි. මුළු ශාලාවම සිනමා ලෝලීන්ගෙන් පිරී පැවතුණි.
එම චිත්‍රපටයේ එක් උද්වේගතර අවස්ථාවක බහින්බස් වීමක් ඇති වී
සැමියා තම බිරිඳට වැරෙන් කම්මුල් පහරක් ගසයි. වේදනාවෙන් කම්මුල අල්ලා ගනිමින් ඕ එතැනම වූ සෝපාවක වැතිරී හඬන්නට වූවාය.
මේ අතර මීයට පිම්බාක් වැනි නිහඬතාවයක් පැවති ප්‍රේක්‍ෂකාගාරයෙන් කුඩා ළමයකුගේ උස් හඩින් ඇසිණ.
ඇයි අම්මේ, ඒ ඇන්ටි අම්මි වගෙ ආපහු හැරිලා ගහන්නෙ නැත්තෙ?
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment