තම මව සමඟ තරහවී ගාල්ල නගරයට පැමිණි වයස අවුරුදු දාහතරක දැරියක් හික්කඩුවේ පිහිටි විහාරස්ථානයකදී හා තල්පෙ ප්‍රදේශයේ ලැගුම්හලකදී පුද්ගලයන් 9 දෙනකු අතින් දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. පොලිසිය පවසන ආකාරයට මෙම දැරිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සිය මව සමඟ උරණ
වී ගාල්ල නගරයට පසුගියදා (4දා) පැමිණ ඇත. ගාල්ල බස් නැවතුම්පොළේදී දැරිය එහි ඇති දුරකතන කුටියකින් නිවෙසට ඇමැතුමක් ලබාගැනීමට ගොස් ඇත. ඒ මොහොතේදී ඒ අසලට පැමිණි තරුණයකු ඇයට ඇමැතුම් ලබාගැනීමට ඔහුගේ ජංගම දුරකතනය ලබාදී ඇය සමඟ මිතුරු වී ගාල්ල කොටුව ප්‍රදේශයටද පසුව හික්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයකටද ගෙනගොස් ඇය දූෂණය කොට ඇත. එම තරුණයා
දැරිය යළිත් ගාල්ල බස්නැවතුම්පොළට ගෙනවිත් ඇරලවා ඇති අතර එහිදී තවත් පුද්ගලයකු දැරිය තල්පෙ ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් දූෂණය කොට ඇත. එම හෝටලයේදීම තවත් පුද්ගලයන් හයදෙනකු ඇය දූෂණය කොට ඇත.
සිය දියණිය මෙම ස්ථානයේ සිටිනා බවට ලද තොරතුරකට අනුව ඇගේ ඥාතීන් හබරාදුව පොලිසිය සමඟ එහි ගොස් පරීක්‍ෂණ කිරීමේදී දැරිය සොයාගෙන ඇත. පසුව පොලිසිය දැරිය මාර්ගයෙන් ඇයට ගාල්ලේදී හමුවූ තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාදී ඔහු ගාල්ල බස්නැවතුම්පොළට පැමිණි මොහොතේ අත්අඩංගුවට ගෙන ඇත. තල්පෙ ප්‍රදේශයේදී ඇය දූෂණය කළ අනෙක් සැකකරුවන් හත්දෙනා මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇත. ගාල්ල බස්නැවතුම්පොළේදී අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම දැරිය රැගෙන ගිය හික්කඩුවේ විහාරස්ථානයේ භික්ෂුවක්ද මෙම දැරිය දූෂණය කළ බවද හෙළිවී ඇත. දූෂණයට ලක්වුණු දැරිය කරාපිටිය රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමේන් අනතුරුව පරිවාස භාරයට පත්කර ඇත.
0 comments:
Post a Comment