
ඈතින් ඇති ශබ්දයක් ශ්‍රවණය කළ හැකි අපූරු උපකරණයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ ආගෝඩිසයින් ආයතනය සමත්ව සිටියි. එහි විද්‍යාඥ මාර්ක් රොල්ස්ටන් පවසන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට
ඇහුම්කම් දීමේ සුපිරි බලයක් මේ උපකරණය සතුව ඇති බවයි.
සෙනඟ සිටින ඝෝෂාකාරී පරිසරයක වුව ද ඈත සිට කතාකරණ අයකුගේ කටහඩ අනෙක් හඬ අතරින් තෝරා නිවැරදිව ඇසෙන්නට සැළැස්වීමට මේ අපූරු උපකරණයට හැකියාව ඇති බව ද නිර්මාණකරුවෝ කියති. නිෂ්පාදකයන් පවසන්නේ මේ උපකරණය තවත් වසරකින් පමණ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරණ බවයි.
මෙය රහස් ඔත්තු සේවා නිලධාරීන්ට ඉතා වැදගත්වනු ඇතැයි ද ඔවුහු කියති.
0 comments:
Post a Comment