මාලකට ආයෙත් ක්ලබ් යන්න ඕනලූ


පසුගියදා සමාජ ශාලාවකදී විදෙස් ජාතකයෙකු සමග ඇති කරගත් කලහකාරී තත්වය නිසා වරද කරුවෙකු බවට පත් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට සමාජ ශාලාවලට නොයන ලෙස මින්
පෙර නඩු වාරයකදී තහනම් නියෝගයක් පනවා තිබුණි.

එම පනවා ඇති තහනම 

 ලිහිල් කරන්නැයි අද පැවති එම නඩුව වාරයකදී කොළඹ මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් ඔවුන්  ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරන ලෙස ඔහුට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය නඩුව ලබන 23 වැනිදාට කල් තැබුවා. මාලක මෙම නඩුවේ ඇප මත නිදහස්ව සිටී.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment