
ආරක්ෂක නිලධාරියා බැරියරය ඔසවා මෝටර් රථය ආයතනය තුළට ඇතුළුවීමට සැලැස්වීය.
රථය ඉදිරියට ගොස් නැවැත්වූ අතර එතැනට පිවිසි ආරක්‍ෂක නිලධාරියාට දක්නට
ලැබුණේ අව් කණ්ණාඩියක් දමාගෙන ටයි පටියක් පැළඳ සිටි මහත්මයෙකි. ” මාව හඳුනනවාද?”
මහතා ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. ”නැහැ සර්” හෙතෙම කීය. අව්කණ්ණාඩිය ගැලවූ මහතා දුටු ආරක්‍ෂක නිලධාරියා ”හලෝ මචං සෙනේ උඹ කොහේද මෙහෙ” යනුවෙන් විමසීය. ”මම පස්සේ හමුවෙන්නම්” පැවසූ මහතා, කාර්යාලයට පිවිසියේය. ”කව්ද අයියා එයා” අනෙක් ආරක්‍ෂක නිලධාරියා විමසීය.
”මාත් එක්ක එකම පන්තියේ හිටපු යාළුවෙක්” කැම්පසුත් ගියා. හෙතෙම පැවසීය. පැයක් ගතවිය. කඩිමුඩියේ යතුරුපැදියකින් පැමිණි සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියාට කථා කොට, ”ඉක්මනට ෂර්ට් එකක් දාගෙන ඇඳුම් බෑගයක් අරගන්න” යැයි පැවසීය.
ආරක්‍ෂක නිලධාරියාව යතුරු පැදියේ නංවාගත් සංචාරක නිලධාරීයා පිටවිය. මොකටද සර් මාව අරන් යන්නේ, ආරක්ෂක නිලධාරීයා පුදුමයෙන් විමසීය. ” මෙහෙ සර් කෙනෙක් එක්ක ඔයා කථා කළාද? සංචාරක නිලධාරියා ඇසීය.
ඔව් සර් මගේ ක්ලාස් මේට් කෙනෙක් හම්බවුණා. ඔහු පැවසීය. ”එයා මෙහෙට අලූතෙන් ආපු ඩිරෙක්ටර් කෙනෙක්. එයා අපේ ඔෆීස් එකට කෝල් කරලා. අඳුනන කෙනෙක් සෙකියුරිටි එකේ ඉන්න එක එයාට හොඳ නැහැලූ. ඒ නිසා ට‍්‍රාන්සර් කරන්නලූ.
0 comments:
Post a Comment