
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආධාර එකතු කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ කළමනාකාරීත්වය පිළිගැනීම වෙනුවෙන් සිඩ්නිහි වෙසෙන ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් සංගමය විසින්
සංවිධානය කරන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පසුගියදා රාත්‍රියේදී සිඩ්නි නුවරදී පැවැත්විණි.
අදාළ උත්සවයේදී කුමාර් සංගක්‌කාරගේ ක්‍රිකට් පිත්ත ඩොලර් 8000 කට සහ මහේල ජයවර්ධනගේ පිත්ත ඩොලර් 6500 කට අළෙවි විය.
මෙම උත්සවයේදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග වෙනුවෙන් පැමිණ සිටි පිරිසට ප්‍රශ්න ඇසීමේ අවස්‌ථාවක්‌ද හිමිවූ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරුවන් ඇතුළු කළමනාකාරීත්වයද සහභාගි වූ මෙම උත්සවය ඉතාමත් චාම් සහ විචිත්‍රවත් ලෙස නැටුම් ගැයුම්වලින් සමන්විතව සංවිධානය කර තිබිණි.
0 comments:
Post a Comment