
ලංකාවේ සිනමාවට අලුත් මුහුණුවරක් ලැබුණේ නෑ කියන එක කාලයක් තිස්සේ පැවැති චෝදනාවක්. මේ චෝදනාවම කරනවා වෙනුවට ලංකාවේ සිනමාව වෙනස් කරන්න තරුණයින් දෙන්නෙක් සූදානම් වෙනවා. මේ දෙන්නා දන්නා කියන දෙන්නෙක්. ඔවුන් දෙන්නා තමයි දැන්වීම් නිර්මාණකරණයේ හා මෙගා ටෙලි
නාට්‍ය කලාවේ වෙනසක් කරපු බුද්ධික වික්‍රමාදර හා ලංකාවේ සිනමා තාක්ෂණයේ අලුත් පැතිකඩ හා තාක්ෂණයන් සොයා ගිය ප්‍රවීන් ජයරත්න.මොවුන් දෙන්නා එකතු වෙලා වැටෙන සිනමාව නගාසිටුවීමේ දැවැන්ත වැඩසටහනකට අත ගහලා තියෙනවා. රන්දිප මීඩියා හා දිල් ෆිල්ම් එකතුවෙලා සූදානම් වෙන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයට අලුත් ජවයක් ලබාදෙන්නයි. සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කළත් ඒවා නැරඹීමට ප්‍රමාණවත් ප්‍රේක්ෂකයින් පිරිසක් එන්නේ නෑ කියන චෝදනාව තිබෙනවා. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිට එයට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගැනීම දක්වා සියලුම කටයුතුවලට මොවුන් දෙදෙනා මැදිහත් වෙනවා.
චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් සිටි කවුරුන් හෝ සිටිනවානම් රන්දිප මීඩියා හා දිල් ෆිල්ම් එක්ව කරන අලුත් වැඩ කටයුත්ත සමග එකතුවෙන්න පුළුවන්. හොඳ අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපතක්, නළු නිළියන් තෝරාගැනීමේ සිට සියලුම කටයුතුවලට සහය දැක්වීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් ඇවිත් තමන්ගේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෙක් හොයනවානම් නිෂ්පාදකයාගේ සිට සියලුම කටයුතුවලටත් ඔවුන් මැදිහත් වෙනවා. ඒ කියන්නේ හොඳ චිත්‍රපටයක් කරන්න සිහිනයක් තිබෙන හැමෝගේම සිහින සැබෑ කරන්න තමයි බුද්ධිකත් ප්‍රවීනුත් දැන් සූදානම් වෙන්නේ.

බුද්ධිකත් ප්‍රවීනුත් දෙන්නාම මේ අලුත් කටයුත්තට අතගහන්නේ ක්‍ෂේත්‍රය ගැන දැනුවත් වෙලා. බුද්ධික ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයෙක් වීමට පෙර ඉන්දියාවේ සිනමා කලාව පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය ලැබුවා. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, කළමනාකාරවරයෙක් විදියට වැඩ කරලා ලබාගත් අත්දැකීම් වගේම සිරස රූපවාහිනියේ වැඩසටහන් ප්‍රධානියා ලෙස ලබාගත් අත්දැකීම් ඔහු යොදාගනීවි.
බුද්ධික ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය කලාව වෙනස් කිරීමට තිරය පිටුපස සිටිමින් පුරෝගාමී දායකත්වයක් ලබාදුන් අයෙක්. ගුණාත්මක බවකින් යුත් මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට ඔහු උත්සාහ ගත්ත අයෙක්. ඩයිවින් බර්ඩ්ස් වැඩසටහනේ සංකල්පධාරියා වන බුද්ධික සුපිරි බොලිවුඩ් නළු අනූපම් කේර් යටතේ අධ්‍යාපනය ලබා හොඳම සිසුවා ලෙසත් සම්මාන දිනාගෙන තිබෙනවා.
ප්‍රවීන් ජයරත්න අවුරුදු පහක් එංගලන්තයේත්, අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේත් සිනමාව පිළිබඳ ඉගෙන තියෙනවා. පියා සිනමාවේ දැවැන්තයෙක් වන දිල්මන් ජයරත්න. චිත්‍රපට හාරසියයකට වැඩි ප්‍රමාණයකට ප්‍රවීන් හා දිල් ෆිල්ම් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව වර්තමානයේ තරුණ නිර්මාණ ශිල්පියෙක් ලෙස සිනමා නිර්මාණ තිහකට වැඩි සංඛ්‍යාවක් සංස්කරණය කරලා තිබෙනවා. ඩී.අයි. තාක්ෂණය යොදා සංස්කරණය කළ පළමු සිනමා නිර්මාණය වන රන්කෙවිට දෙක චිත්‍රපටයේ කැමරා ශිල්පියා, සංස්කරණ ශිල්පියා හා ශබ්ද ප්‍රයෝග නිර්මාණකරුවා වුණේ ප්‍රවීන්. ලංකාව් පළමු වරට නවීණ තාක්ෂණික කැමරාවක් වන රෙඩ් කැමරාවකින් සිනමා පටයක් රූ ගත කළේ ප්‍රවීන්. ලංකාවට ඩිජිටල් ෆිල්ම් හඳුන්වාදීමේ පුරෝගාමීන් වුණේ ප්‍රවීන් ඇතුළු දිල් ෆිල්ම් ආයතනයයි.
“ලංකාවේ අද චිත්‍රපට ක්‍ෂේත්‍රයේ කිසිම වෘත්තීය භාවයක් නෑ. කවුරුහරි කණ්ඩායමක් එකතු වෙනවා, තිර පිටපතක් ලියාගෙන චිත්‍රපටයක් කරනවා. මේ ස්වභාවය මින් ඉදිරියටවත් වෙනස් කළ යුතුයි. අපි කියන්නේ ලොකේෂන් එකේදී තේ එක හදන කෙනාටත්, පෝස්ටරය අලවන කෙනාගේ පටන් අධ්‍යක්ෂ, නිෂ්පාදක දක්වා වෘත්තීය භාවයක් තිබිය යුතුයි. ඒ විදියට තමයි අපේ අලුත් වැඩපිළිවෙළ සැකසිලා තිබෙන්නේ. ඒකෙන් කියන්නේ අපි දෙන්නා එකතුවෙලා චිත්‍රපට හදනවා කියන එක නමෛයි. අපිත් සමග කතා කළොත් ඒවාට අවශ්‍ය වෘත්තිකයින්, අවශ්‍ය විසඳුම් ලබාදිය හැකියි. සිනමා ක්‍ෂේත්‍රයේ ගැටලුවලට බැණ බැණ ඉන්නේ නැතිව අපි ළඟට එන්න. අපි ඒවාට විසඳුම් සොයාගෙන තිබෙනවා” ප්‍රවීන් ජයරත්න පැවැසුවා.
සංජය නල්ලපෙරුම
0 comments:
Post a Comment