විදුලි සෝපානයේ වැසිකිළි හදන්න යයි

073DB00A00000514-3109592-Necessary_Japan_is_looking_into_installing_toilets_and_emergency-a-32_1433348936711
නිතර ඇතිවන භූකම්පනයන් නිසා ක්‍රියා විරහිතවීමේ ඉඩ ඇති විදුලි සෝපාන වල සිරවන පුද්ගලයින් හට පහසුවක් වන ලෙස එවන් සෝපාන වල වැසිකිළි පහසුකම්
ඇතිකිරීමට ජපාන බළධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
බළධාරීන් මෙවන් තීරණයක් ක්‍රියාත්මක කිරීම සදහා කරුණු විමසා බලමින් සිටින්නේ පසුගියදා රිච්ටර් මාපකයේ 7.8 ක භූකම්පනයකට මුහුණදුන් අවස්ථාවේදී ක්‍රියාවිරහිතව ගිය විදුලි සෝපාන වල සිරවූ දුසිම් ගණනක් පුද්ගලයින් දිවිගලවාගැනීමෙන් පසුව දැක්වූ අදහස් නිසාය.
මෙම වැසිකිළි සාමාන්‍ය වැසිකිළි ආකාරයට හෝ ජල අවශෝෂක බෑගයන්, මල අපද්‍රව්‍ය බැහැරකිරීම සදහා සකස් කරන ලද විශෙAෂ කුටීරයන් ලෙස සකස් කෙරෙනු ඇතැයි සදහන්ය.
දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් එළැඹෙන වසර කිහිපයේදී ජපානයට තවත් ප්‍රබල භූකම්පනයකට මුහුණදීමට සිදුවනු ඇතැයි අනාවරණයව තිඛෙන අතර ඉන් වඩාත් හානි පැමිණෙනු ඇතැයි පැවසෙන්නේ ටෝකියෝ අගනුවරටය.
ටෝකියෝ අගනුවර විදුලි සෝපාන ක්‍රියාවිරහිතවීම යනු පුද්ගලයින් 17000 කට ආසන්න පිරිසක් අතරමන්වීම යැයි පෙන්වාදෙන ජපාන බලධරයෝ දිවිගලවාගැනීමේ කටයුතු දියත් කරනතෙක් එම පුද්ගලයින්ට හැකි අයුරින් පහසුකම් සළසා තිබීම වැදගත් බව පවසති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment