පිරිමි අල්ලන ගෑනු දැල්

26-Rasa-P2-BA
ඇන්ටිගේ බෝඩිමෙන් අපි මේ පාර ගියේ කටුනායක නිදහස් වෙළද කලාපය පැත්තට. වෙනදාට යන්ත්‍ර සුත්‍රවලටත් වඩා වේගයෙන් තරුණ තරුණියන්ගෙන් පිරීගිය කටුනායක
නිදහස් වෙළඳ කලාපය ටිකක් සන්සුන් ස්වභාවයක් අපට දැනුණා.
26-Rasa-P2-BA
ටිකක් සන්සුන් ස්වභාවයක් දැනුණු නිසා මාත් එක්ක එකතු වුණ තවත් සගයෝ දෙතුන් දෙනෙක් යෝජනාවක් ගෙනාවා.

අපි ටිකක් ඇවිදලා බලමු. ඔය බෝඩිම් කතා අස්සේ අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා. හැමදාම අපිට අහන්න ලැබෙන්නේ බෝඩිම්වල ජීවත්වෙන උදවියගේ දුක විතරනේ.

“බෝඩිම්වල දුක නැතුව, උඹ හිතුවද සතුට බේරෙනව කියලා. යකෝ පොළොවේ පය ගහලා ඉන්නවා දැනෙන්න නම් බෝඩිම් ජීවිතේ ගෙවන්නම ඕනෑ. වේලක් දෙකක් බඩගින්නේ ඉන්නකොට, බෝඩිම් ඇන්ටිගේ කටින් කුණුහරුප එක දෙක පිට වෙනකොට, පුංචි කාමර කෑල්ලක පස් හයදෙනා හිරවෙලා ඉන්නකොට නාන්න වතුර නැතිවෙන කොට සැප කනේ... ඒ වෙලාවට ඇත්තමයි හිතෙනවා බං අපිට ලොකු මහත් නොවී අත දරුවෙක් වෙලා ඉන්න තිබුණ නම් කියලා. අම්මා තාත්තා කන්න බොන්න දෙනවනේ. ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඒත් දුකමනේ බං, ඉගෙන ගන්න එවුන්ට රස්සා නෑ. මොකක් හරි හම්බ වුණත් කොහේ හරි ඉන්න හාල්පාරුවන්ට තමයි බං ඒවත් සෙටි වෙන්නේ. අපි දිහා දෙයියෝ බලනවා. ඒත් වැඩක් නෑ බං. කොහේ හරි ඉන්න මලපෙරේතයෙක් ඒකට ඔරවනවා.”

අපේ සගයෙකුට පොඞ්ඩක් විතර තරහ ගිහින් කතාව ඉවරයක් නැහැ. ඔය ඉතින් වැඬේ පැත්තක තියලා වැඬේට ආපු එවුන් මරාගන්නවනේ.

ඇත්තටම ගොඩක් දෙනෙකුට කොළඹ එන්න කලින් කොළඹ පේන්නේ ජීවිතේ විඳින්න පට්ටම තැනක් විදිහට. කොළඹට එනකොට මුහුණුවල තියෙන සුන්දරත්වය, සිනහව ටික දවසක් යද්දී ටිකෙන් ටික අඩුවෙලා ගියත්, දුක ඇතුළෙන් සිනහ වෙන්න ගොඩක් ජීවිත උත්සාහ කරනවා.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය කියන්නේ කඩිමුඩියේ එහාමෙහා දුවන යන්ත්‍රසුත්‍ර වගේ ඉස්පාසුවක් නැති වැඩබිමක්. හීන මාලිගාවක් හිතේ දරාගෙන කොළඹට එන ගොඩ දෙනෙකුගේ ජීවිත නතර වෙන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාප පුරවරයේ. තමන්ගේ අධ්‍යාපනයේ සමහර දේවල් දශම ගණනකින් වෙනස් කරලා එයාලාගේ ජීවිත මේ තැන්වල නතර කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. ලංකාවේ එක් එක් පළාත්වලින් කටුනායකට එන ඔවුන් දැන් එක පවුලක් වගේ.

මේ පරිසරය වෙනදට වඩා ටිකක් සන්සුන් ස්වභාවයක් දැනුණ නිසා, අපි ටිකක් ඇවිදලා බැලුවා. ඒ අතරේ අපට විවිධ වූ චරිත කිහිපයක්ම මුණ ගැහුණා. ඇත්තටම අපි පත්තරෙන් කියලා නොදැන සමහර අය අපට බොහෝ දේ කිව්වා. ඒ අතර අපේ කනවැකුණු මේ බෝඩිම් ජීවිතේ අපූරු කතාවක් මේ සතියේ ඔබට කියන්න හිතුවා.

“බෝඩිමේ” ඒ කියන්නේ තාවකාලිකව කාමර කුලියට දෙන හිමිකාරයෝ, හිමිකාරියෝ ගත්තම විවිධ වයස් මට්ටම්වල අය අපට මුණ ගැහෙනවා. ඒ අතර කටුනායක ප්‍රදේශයේ බෝඩිම්වල සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් ගන්න එන ගොඩක් දෙනා ජීවත්වෙන්නේ කණ්ඩායම් වශයෙන්. තනිව හෝ දෙදෙනා ජීවත්වෙන බෝඩිම් තියෙන්නේ හරිම කලාතුරකින්. මෙලෙස කණ්ඩායම් වශයෙන් බෝඩිම් සොයා එන ගොඩක් පිරිසකගේ ඔබ නොදකින, නොහිතන බොහෝ දේ තියෙන්නට පුළුවන්. සමහර විට එය කපටි කම, වංචාව වෙන්නත් පුළුවන්. 

මේ අපට අහන්න ලැබුණු බෝඩිම් ඇතුළේ සිද්ද වෙන හැබැයි කවුරුත් නොහිතන කතාවක්.

“ඔය ළමයි කොහේ ඉඳලද” අප දුටු පමණින් මැදි වයසේ පුද්ගලයෙකු අප වෙත ප්‍රශ්නයක් යොමු කළා.

ඒ වෙලාවෙම අපේ එකෙක් මැද්දට පැන්නා.

“ආ අංකල් අපි මේ බෝඩිමක් බලන්න කියලා.”

කතාවෙන් කතාව සුළු වෙලාවකදී ඔහු සමඟ අපට යම්තාත් දුරට මිතුරුකමක් ඇති කරගැනීමට හැකි වුණා. 

“මම මගේ ගෙදර දැන් අවුරුදු පහළවක් තිස්සේ ඉඳලම බෝඩිම් කාමර දෙනවා. අම්මෝ ඔය කණ්ඩායම් වශයෙන් එන ගෑනු ළමයි ඉන්නවා නේද? සට කපට අම්මණ්ඩිලා මම කියන්නේ අත්දැකීමෙන්මයි.

ලංකාවේ හතර වටෙන්ම එන ළමයිනේ මේ ඉසව්වේ ඉන්නේ. ඒ ළමයි මෙහාට එන්නේ තනියම නෙමෙයි. ලොකු කල්ලියක් එක්ක. ඔය කල්ලි වශයෙන් ඉන්නේ ගාමන්ට් යන ගැහැනු ළමයි තමයි. ඔය කල්ලි ටිකක් විශ්වාස කරන්න අමාරුයි.

ගොඩක් පිරිමි අය කරන බෝඩිම් තියෙනවා නේද, බෝඩිමට එන කෙල්ලෝ බලන්නේ බෝඩිමේ අයිතිකාරයාව අල්ල ගන්න තමයි. 

බෝඩිමේ අයිතිකාරයා බැඳලද? දරුවො ඉන්නවද? කියලා ඒ කෙල්ලන්ට අදාළ නෑ. මේ පළාතේ බෝඩිම් දීලා තියෙන කීප දෙනෙකුම ගෑනු ළමයින්ගේ මායම් ගැටවලට අසුවෙලා නන්නත්තාර වෙලා තියෙනවා.

විශේෂයෙන් ඔය බෝඩිම්වලට එන කෙල්ලෝ බෝඩිම්කාරයව අල්ල ගැනීමේ ලාභය තමයි බෝඩිම් ගාස්තු නොගෙවා නවාතැන් ලබාගැනීම. මේ සිදුවීම බෝඩිම් තුළ බහුලව සිදුවෙන දෙයක්. සමහර බෝඩිම්වලින් ළමයින්ව යවා ගන්න බැරුව නීතියේ පිහිට පතන්නත් වුණ අවස්ථා ගොඩක් තියෙනවා. තවත් සමහර තැන්වල ළමයින්ව යවාගන්නත් බැහැ. නීතියේ පිහිට පතන්නත් බැරි අවස්ථා තියෙනවා. හේතුව තමයි බෝඩිමේ අයිතිකාරයා ඇහැට කනට පේන ගැහැණු ළමයෙක් ආවොත් අනිවාර්යෙන්ම මාන බලලා උස්සනවා. ඉතින් කර කියාගන්න දෙයක් නෑ. කෙල්ලව අරන් ගිහින්නේ. කෙල්ල එතනින් යන්නෙත් නැහැ. අන්තිමට බෝඩිම් අයිතිකාරයට සල්ලිත් නැහැ. ඔය වගේ දේවල් හරියට සිද්ධ වෙනවා. ඒත් පාඩුව විඳගෙන සද්ද නැතුව ඉන්නවා ප්‍රචාරය වුණොත් බෝඩිම්වලට ළමයින් එන්නේ නෑනේ.

මටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවා. මම කිව්වනේ මගේ ගෙදරත් දැන් අවුරුදු පහළවක් තිස්සේ බෝඩිම්වලට දෙනවා කියලා. මට ඉන්නේ එක පුතයි. ගෙදරින් කොටසක්ම කුලියට දුන්නා. ඒක ඉතින් අපට ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. 

අපේ ගෙදර හිටියේ ගොඩක්ම ගෑනු ළමයි තමයි. ඔය ඉඳපු ළමයෙක් එක්ක මගේ පුතා යාළු වුණා. ඒ ළමයි මාස හයක් වගේ ඉන්නවා කියලා තමයි බෝඩිම ගත්තේ. බෝඩිමෙන් ලැබෙන මුදලෙනුයි මාත් රැකියාවක් කළා. ආර්ථික අතින් ලොකු දුෂ්කරතා තිබුණේ නැහැ. ඒ නිසා පුතාට අපි හොඳට ගෙදරත් හැදුවා. ගෙදරක කාමරයක් කුලියට දුන්නම ඉතින් ගෙදර අය වගේ වෙනසක් නැහැනේ. අපිත් ඉතින් පුතා ඉන්නවා කියලා අහිතක් ඒ ළමයි ගැන හිතුවෙ නැහැ. පස්සේ පස්සේ පුතා ගෙදර නතර වුණ ළමයෙකුත් එක්ක සම්බන්ධ තියෙනවා කියලා අපට දැනුණා.

අපි දැනගත්තත් මුල ඉඳලම මමයි පුතාගේ අම්මයි අකමැති වුණා. බොරු කියන්න ඕනෑ නැහැනේ. අපි එච්චර ලොකුවට ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි. ඒත් මම පුළුවන් විදිහට මගේ පුතාට ඉගැන්නුවා. එයාගේ කරුමෙට ඉගෙන ගත්තේ නැහැ. පස්සේ ඉතින් ගෙදර නතර වුණ ගෑනු ළමයටත් අපි කිව්වා අපි කැමති නැහැ සම්බන්ධෙට අපිට ආයෙම බෝඩිම ඕනෑ, වෙන තැනක් සොයා ගන්න කියලා. කොහොමහරි ඒ ගෑනු ළමයා පොලිසියේ පැමිණිල්ලක් කළා මගේ පුතාගෙන් කරදරයක් වුණා කියලා. ලෝක ලැජ්ජාව නිසා කසාදේ කරගන්න අපි කැමැත්ත දුන්නා.

ටික දවසක් ගියහම දැන ගන්න ලැබුණා ඒ ගෑනු ළමයා කසාඳ බැදපු ගෑනු කෙනෙක් කියලා. ගම් පළාත නම් කියන්න බැහැ. කොළඹට ඇවිත් තියෙන්නේ ගාමන්ට් යන්න. බෝඩිමේ එයා එක්ක ඉඳපු අනිත් ගෑනු ළමයි ඒ ගෑනු කෙනාගේ කිසිම විස්තරයක් දැනන් ඉඳලා නැහැ කියලා තියෙන විස්තර ගොඩක් ඒවා බොරු. 

මේ යාළුකම් ඇතිවෙන්නේ ගොඩක් ගාමන්ට් එකේ ඇතුළෙදි. එකට බෝඩිමේ ඉඳලා අවසානයේ ප්‍රශ්නයක් වුණාම හැමෝම ඇඟ බේරගන්න තමයි බලන්නේ. මගේ පුතත් අමාරුවෙ වැටුණේ ඔය විදිහට.

මේ වගේ දේවල්වලට ගොඩක් අසුවෙන්නේ ගෑණු ළමයිනේ. පිරිමි ළමයි අමාරුවෙ වැටෙනවා හරිම අඩුයි. ඒත් මේ බෝඩිම් කෙරුවාව නම් පිරිමි ගෑනුන්ගේ උගුල්වලට අහුවෙනවා වැඩියි. පුතාගේ සම්බන්ධය තිබුණ ගෑනු ළමයගේ මනුස්සයා මැරිලා. ළමයෙක් ඉන්නවා. ළමයා දෙමාපියෝ ගාව දාලා තමයි කොළඹ ගාමන්ට් ඇවිත් තියෙන්නේ. ආවේ අපේ ගෙදර බෝඩිමට. දැන් අපි ඒ ගෑනි ගාව බෝඩිම්කාරයෝ වෙලා. පුතාව රවටගෙන ඔක්කොම දේපල ඒ ගැනිගේ නමට ලියා ගත්තා. දැන් බෝඩිම කරන්නේ ඒ ගෑනි. කරන්න දෙයක් නැහැ හම්බ කරපු සේසතම සුනාමියට ගියා වගේ.”

මගේ අත්දැකීම මම ඔය ළමයින්ට කිව්වේ බොහොම කෙටියෙන්. ගෑනු හරි දක්ෂයි පිරිමින්ව අල්ල ගන්න. ඒ වගේම කපටියි. මගේ පුතාව වුණත් අල්ල ගත්තේ ආදරේට නෙමෙයි. දේපල ගන්න. කොළඹට ගාමන්ට් ආපු කෙල්ල අන්තිමට නතර වුණේ බෝඩිමේම හිමිකාරිය වෙලා.

මම මේ කිව්වේ හැමෝම බෝඩිම්වල වැරදිනේ කියන්නේ. ඒත් බෝඩිම් දෙන අයගේ මේ ඉරණම ගොඩක් අය දන්නේ නැහැ. සමාජයේ මෙහෙම දේවලුත් වෙනවා කියලා.

ඔහු තමන්ගේ කතාව හරිම කෙටියෙන් කියලා දීර්ඝ හුස්මක් පිටකළා. බලන්න ඔබ අප නොදන්න කොච්චර දේවල් මේ සමාජයේ සිද්ධ වෙනවද කියලා?. බෝඩිමේ ජීවිතේ අපි නොදකින එක පැතිකඩක් තමයි මේ සිදුවීම්. එකක් දෙකක් නෙමෙයි ඒත් මෙවැනි සිදුවීම් අපට අහන්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒත් ඔවුන්ගේ අදහස නම් මේ සිදුවීම් කටුනායක ප්‍රදේශයේ බහුලව සිදුවන්නක් බවයි.

එකක් පමණක් නොවෙයි එවැනි සිදුවීම් ගණනාවක්ම ඔහු අපට කිව්වා. අප පිළිබඳ විශ්වාසයෙන් අප නොදන්න බොහෝ දේ කියපු නිසා අපටත් බොරුවක් කියන්න හිත දුන්නේ නැහැ. අපි පත්තරෙන් කියලා ආපසු හැරෙද්දී සිනහ මුසු මුහුණින් අපට සමුදුන්නා.

ඔන්න එහෙනම් බෝඩිම් දෙන මහත්තුරුන්ට කියන්නේ ගෑනු ළමයි නතර කරගන්නවනම් පරිස්සෙමන්. ගෑනු ගැට ලියන්න හරි අමාරුය.ි බෝඩිම් ජීවිතේ ඇතුළේ ඔබ නොදන්න තවත් බොහෝ දේ කියන්න තියෙනවා. මුණගැහෙමු ලබන සතියෙන්.
m
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment