මහ රෑ නේවාසිකාගාර තුලට කොල්ලන් ගෙන්නගෙන - සබරගමු සරසවියේ සිසුන් 4ක්මාට්ටු


මධ්‍යම රාත්‍රියේ කාන්තා නේවාසිකාගාරයකට ඇතුළු වූ බවට චෝදනා ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන ඇත.
මෙම සිසුන් සිව්දෙනා නේවාසිකාගාරයට කැඳවා ගත් බව කියන සිසුවියගේ නේවාසිකාගාර පහසුකම්ද අත්හිටවනු ලැබ තිබේ.

කෘෂි විද්‍යා පීඨයේ සිසුන් වන මෙම සිව්දෙනා මධ්‍යම රාත්‍රියේදී නේවාසිකාගාරයට ඇතුළු වූ බව පිළිගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක්‌ පවත්වා දඬුවම් තීරණය කරන බව උපකුලපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා පැවැසීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment