දොස්තර අස්සන හොරට ගහලා උසාවියට මෙඩිකල් එකක් දීලා
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා විසින් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මේ පිළිබඳ
විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස පොලිසියට නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අශෝක සිසිර කුමාර ජයසිංහ නමැත්තෙකි. සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකුගෙන් ලෙස පෙනී සිට මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු කැනඩාවේ රැකියාවකට යවන බව පවසා රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාගෙන එම මුදල වංචා කළ බවට ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වංචා කළ මුදල වාරික වශයෙන් ගෙවීමට පොරොන්දු වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.
ඇප ලැබීමෙන් පසු නඩු වාර කිහිපයකට පෙනී නොසිටියේ ඩෙංගු රෝගය වැලඳී සිටි බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකුගේ අස්සනින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාව පරීක්ෂා කළ මහෙස්ත්‍රාත්වරයා ඒවායේ අස්සන් එකින් එක වෙනස් ලෙස තිබූ හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.
0 comments:
Post a Comment