පසුගිය දවස්වල ශලනි තාරකා කෝ..., ශලනිට මොකද වුණේ කියන තරමට නිහඬතාවක් දැනුණා... ඒ අතරෙ ශලනි ලංකාවෙ නෑ කියලත් ආරංචි වුණා... ඒ හැම දෙයක් ගැනම ඇත්ත දැනගන්න අපි ශලනිට කතා කළා... ඇත්තම කියන්න කිව්වා.
ඇයි ශලනි දැන් නිහඬ වෙලා වගේ ඉන්නෙ...?
”...එක දිගටම සද්දෙ දැම්මා වැඩියි කියලා හිතුණා. ඒ නිසා ටිකක් නිහඬ වුණා...”
”...එක දිගටම සද්දෙ දැම්මා වැඩියි කියලා හිතුණා. ඒ නිසා ටිකක් නිහඬ වුණා...”
පහුගිය කාලෙ ලංකාවෙ හිටියෙත් නෑ නේද...?
”ඔව්... යුරෝපීය රටවල් තුනක සංචාරයකට ගියා. මේ මාසෙ හතර වෙනිදා තමයි ආපහු ආවෙ.”
කාත් එක්කද ඔය රට රටවල් ගානෙ ඇවිදින්න ගියෙ...?
”මම ගියෙ ශානිකා මධුමාලිත් එක්ක... සංගීත ප‍්‍රසංග කිහිපයකටම සහභාගී වුණා... ඒක සුන්දර අත්දැකීමක් වුණා...”
...එහෙනම් ඔයා සිංදු කියන්නයි රට රටවල් ගානෙ ගියෙ... ඔයා කිව්වේ කාගෙ ගීතද... කොහොමද ලැබුණ ප‍්‍රතිචාර...?
”...මම කීප දෙනෙකුගෙම ගීත ගායනා කෙරුවා. ඒ රටවල ඉන්න අපේ අය බොහෝ දෙනෙක් ඒ ප‍්‍රසංග නරඹන්න ආවා. ඒ අයගෙන් ලැබුණ ප‍්‍රතිචාර නම් හරිම ඉහළයි... ඒ සංචාරය ජීවිතේට අලූත් අත්දැකීමක් වුණා...”
ඔයා ඒ විදිහට සංචාරෙ ගිය නිසා... ඔයා රඟපාපු ටෙලිනාට්‍ය අතරමග නතර කරන්නත් සිද්ධ වෙන්න ඇති නේද?
”නෑ... නෑ... මම එහෙම කාවවත් අපහසුතාවයට පත් කරලා නෙමෙයි ඒ සංචාරෙ ගියෙ. මම භාරගත්තු වැඩ ඉවර කරලයි ගියෙ”
ඔයා හරි ඉක්මනටම ජනප‍්‍රිය වුන නිළියක්... ශලනි හිතනවද ඔයාගෙ ඒ ජනප‍්‍රියත්වය තාමත් එහෙම්මම තියෙනවා කියලා...?
”ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක... රඟපාන්න ලැබෙන ආරාධනාත් එක්ක ඒ තිබුණ ජනප‍්‍රියත්වයෙ කිසිම වෙනසක් මට නම් දැනෙන්නෙ නෑ.”
ජනපි‍්‍රයත්වයෙදි ශලනිට ප‍්‍රධාන වශයෙන්ම අභියෝගයක් වෙලා ඉන්නෙ උදාරි වර්ණකුලසූරියද.... නෙහාරා පීරිස්ද...?
‘‘ජනප‍්‍රියත්වයේදී උදාරි, නෙහාරා විතරක් නෙමෙයි... ප‍්‍රධාන මට්ටමේ ඉන්න හැම නිළියෙක්ම මට අභියෝගයක් විදිහටයි මම නම් දකින්නෙ...”
ඔයයි උදාරියි දෙන්නා එකට රඟපෑවත්... දෙන්නා අතරෙ ඇයි හොදයියක් නෑ නේද...?
”නෑ... නෑ... එහෙම දෙයක් නෑ... ”සිහින පියාපත්” ටෙලිනාට්‍යයෙ රඟපාද්දී අපි දෙන්නා ගොඩාක් ළඟින් ඇසුරු කෙරුවා. එයා බබා ලැබෙන්න රට ගියාට පස්සෙයි... ඒ ඇසුර තරමක් දුරස් වුණේ. උදාරිත් මීගමුවෙ... මමත් මීගමුවෙ... අපි දෙන්නම ගියෙත් එකම ඉස්කෝලෙටනෙ...”
ශලනි කේන්දර විශ්වාස කරනවද?
”සියයට පනහක් විතර විශ්වාස කරනවා... ඒත් මම ඒ මත්තෙම ඉන්න කෙනෙක්නම් නෙමෙයි.”
විවාහය ගැන ඔයාගෙ කේ්න්දරේ ලියවිලා තියෙන්නෙ කොහොමද?
”... මමත් කේන්දර බලන්න යන්නෙම ඔය ගැන අහන්නම තමයි අනේ... ඒත් මට කියන්නෙ නැත්තෙත් ඒ ගැනමනෙ... ඒ ගැන අහද්දී කියන්නෙ... තව ටිකක් ඉන්න... තව ටිකක් ඉන්න කියලයි...”
පසුගිය කාලෙ ඔයාගෙ නංගිත් රඟපාන්න එන්න සූදානමක් තිබුණා නේද?
”...මම හිතන්නෙ නෑ එයා රඟපාන්න එයි කියලා. හැබැයි නංගිටත් රඟපාන්න ආරාධනයක් ලැබිලනම් තිබුණා...”
ඇත්ත ඒකද..., නැත්නම් නංගි රඟපාන්න එනවට ඔයා කැමති නැද්ද... ඔයාගෙ තැන නැතිවෙයි කියලා...?
”අයියෝ එහෙම දෙයක් නෑ... මමනම් ආසයි නංගිත් රඟපාන්න එනවනම්... ඒත් ඒ්ක තීරණය කරන්න ඕනෙ මම නෙමෙයි නංගිනෙ...”
ශලනිගෙ වැඩි කැමැත්ත ජනප‍්‍රිය නිළියක් වෙලා බැබලෙන්නද... නැත්නම් දක්‍ෂ නිළියක් වෙලා ඇගයීම්වලට ලක් වෙන්නද...?
අද තත්ත්වයත් එක්ක බැලූවොත් දක්‍ෂ නම් ජනප‍්‍රියත්වයත් ඒ පසුපසින්ම තියෙනවා. දක්‍ෂතාවයක් නැතිවත් ජනප‍්‍රියත්වයෙන් බැබලෙන්න පුළුවන්... මම නම් කැමති... මගේ රඟපෑමක් දැකලා ”මාරයිනෙ...” ”මාර ඇක්ටින්නෙ” කියන තත්ත්වය ඇති කරගන්නයි...”
ඉස්සර කිව්වා ”එයාර් හොස්ටර්” කෙනෙක් වෙන හීනයක් තියෙනවා කියලා... දැන් ඒ හීනයට මොකද වෙලා තියෙන්නෙ...?
”ඔව්... ඒක තමයි මගේ ලොකුම හීනයක් වෙලා තිබුණෙ... ඒත් දැන් මට හිතෙනවා... ඒ හීනය මගේ ජීවිතේ හීනයක්ම විතරයි කියලා...”
ශලනිගෙ වයසෙ ගෑනු ළමයි පිරිමි ළමයි තැන් තැන්වලට වෙලා ”මල් කඩන” එක ගැන ඔයා මොනවද හිතන්නෙ...?
”හරිම සතුටක් දැනෙනවා... එයාල ජීවිතය සුන්දරව විඳිනවා කියලා හිතෙනව...”
ඔයත් එහෙම ”මල් කඩපු” කාලයක් තිබුණද...?
”නැතුව... නැතුව... ඒත් දැන් ඒ නිදහස ඇහිරිල කියලා දැනෙද්දී දුකයි අනේ...”
ශලනි මහතත් නෑ... උසත් නෑ... ඒ වෙනුවෙන් ඔයාගෙ උනන්දුවක් නැද්ද...?
”මහතනම් කාලා බීලා හරි වැඩි කරගන්න පුළුවන්. ඒත් උස වැඩිකර ගන්නෙ කොහොමද... ආසයි තව අඟලක් දෙකක්වත් උස යනවනම්...”
0 comments:
Post a Comment