අවසන් ප්‍රේමයට පෙර කී දෙනකුට ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?දෙන්නෙක්ට විතර ආදරේ හිතිලා තියෙනවා. ආදරය ඔය කියන තරම් සුන්දරද? මට නම් ආදරය සුන්දර නැහැ.
පිටින් සුන්දරයි වගේ පෙනුණත් ඇතැමි කෙනෙක්ට ඒ තරම් භයානක දෙයක් තව නැහැ. ඇයි ආදරය සුන්දර වරදක් කියන්නේ? ආදරය කරද්දි සුන්දර වුණත් අහිමි වීමේදී දැනෙන වරදකාරී හැගීම් නිසා වෙන්න ඇති.
ඔබේ වාර්තමාන ප්‍රේමයට වයස කීයද? මට වර්තමාන ප්‍රේමයක් නැහැ.
උදයන්ති කියන පෙම්වතියගේ වයස කියද? මම පෙම්වතියක් වෙලා හුගක් කල්.
ඔබට විවාහකයන්ගෙන් ප්‍රේම යෝජනා ලැබිලා තියෙනවද? ඔව්. යෝජනා ලැබිලා තියෙනවා.
ගැහැණු ළමයකු මුලින් ප්‍රේමය යෝජනා කිරීම ඔබට අනුව නිවැරදිද? එහෙම වුණොත් එකේ අගයක් නැතිවෙයි කියලා හිතෙනවා. ගැහැනු ළමයෙක්ට ආඩම්බරකමක් තියෙන්න ඕන.
කෙනෙකු ගැන ආදරය දැනේන්නේ මොන වගේ සාධක මතද? පෙනුම, ටිකක් ආඩම්බර වෙන්න ඕන, පිරිමිකම, බය නැතිකම, එයා ළග ආරක්ෂාකාරී බවක් දැනෙන්න ඕනේ.
තරුණයකුගේ ආදරය දිනාගන්න මොනවද කරන්න ඕනේ? නිතරම ඔහුට පේන්න ඉන්න ඕනේ. ගෑනු ළමයින්ට ඉතින් මායම් 64 ක් තියෙනවානේ.
ආදරයක් පවතින්න පරිත්‍යාගයක් තිබිය යුතුමද? ඔව්. අනිවාර්යයෙන්ම. පිරිමි ළමුන්ට වඩා ගැහැනු ළමයි කොහොමත් පරිත්‍යාගශීලීයි.
කෙනෙකුගේ ප්‍රථම ප්‍රේමය තමා විය යුතු යැයි කෙනෙක් සිතීම සාධාරණද? අද කාලේ එහෙම ජීවිත නැහැ. එහෙම අය හොයන්‍නත් අමාරුයි.
වඩාත් හෙද යෝජිත විවාහයද? ප්‍රේම විවාහයද? ප්‍රේම විවාහය. පොඩි කාලයක් ප්‍රේම කරලා විවාහ වෙන්න ඕන. නැත්තම් ප්‍රේමයත් එපා වෙනවා.
පාසැල් ප්‍රේමය අත්විදලා තියෙනවාද? ඔව්
පාසල් ප්‍රේමය නිසා සිසුවකුට දඩුවම් කිරීම සාධාරණද? දෙමාපියන් ගුරුවරුන් එයට දඩුවම් කිරීම සාදාරණයි. ඒ මොකද ඒ කාලේ බොලදයි.
ඒ කියන්නේ ආදරය කිරිම වරදක්ද? නෑ... ආදරය වරදක් නෙවෙයි. පාසල් ප්‍රේමය සැබෑ ප්‍රේමය නම් එය කවදාහෝ ජය ගනීවි.
ඔබ වඩාත්ම ප්‍රියකරන ප්‍රේම ගීතය? අප හමුවුණත් කාලය ගත වී යනවා ( ගායනය ටී. එම්. ජයරත්න )
මෙතෙක් ඇසු දුටු සුන්දරම ප්‍රේම වෘතාත්තය? අශෝකමාලාගේ ප්‍රේමය. ( සාලිය - අශෝකමාලා ) ඒ ජාතක කතාවට මම කැමැතියි.
දැනට ඔබේ හිතේ ඉන්න සුන්දරම පෙම් යුවළ කව්ද? ටයිටැනික් ජැක් - රෝස්
කැමරාව ඉදිරියේ හමු වූ හොදම පෙම්වතා කව්ද? ධනංජය සිරිවර්ධන එක්ක තමයි වැඩිපුරම පෙම්වතියගේ චරිතය රගපෑවේ. රොෂාන් රවින්ද්‍ර, රොෂාන් පිලපිටිය එක්කත් රගපෑවා.
ප්‍රේමය නම් රාගයෙන් තෙර සද එළිය සේ අචින්ත්‍ය ද නැද්ද? නෑ. රාගයෙන් තෙර ප්‍රේමයක් නැහැ. ආදරය පිටුපස රාගයක් තියෙනවා.
0 comments:
Post a Comment