දැන් දැන් අලූත් විලාසිතාවක් ලෙස බොහෝ තරුණයන් තම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. මෙසේ කලිසම බාගෙට ඇඳ ගිය තරුණයකුගේ කලිසමේ කුඩා දරුවකු එල්ලීම නිසා දරුවායි කලිසමයි බිමට වැටුණු සිද්ධියක් මැදරට ප‍්‍රදේශයේ
නගරයකින් වාර්තා විය.සිද්ධිය මෙසේය.
තම අඳින පළදින ඇඳුම් අතරින් නිතරම ඩෙනිම් අඳින ඔහු තමන් එම කලිසම අඳින්නේ යටි බඩටත් පහතින්ය. කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත.
ඩෙනිමට දමා ඇති දිග ලොකු පොකට් එකේ භාගයක් එළියට පේන අතර පොකට් එක ඇත්තේ කලිසම ඇන්ද පසු දණහිසට අඟල් 3ක් පමණ ඉහළින්ය.
දිනක් ඔහු බසයට නගින්නට යද්දී කුඩා දරුවකු සෙල්ලමට මෙන් පැමිණ පොකට් එක ගැනීමට කලිසමේ එල්ලී ඇත්තේ නොතේරුම් කම නිසාවෙනි. ඒ සමගම ඇඳ සිටි කලිසම ගැලවී ඒත් එක්ක ළමයාද බිමට ඇද වැටී ඇත. සිද්ධ වූ ඇබැද්දිය නිසා දෙනෝ දාහක් සෙනඟ මැද කලිසම නැවත උඩට කර ගත් ඔහු එයද අල්ලා ගෙන දිව ගියේ ලැජ්ජාව දරා ගැනීමට නොහැකි නිසාවෙනි.
0 comments:
Post a Comment