හේමාල් මොකක්ද මේ සිදුවුණ අනතුර?
පහුගිය 21 වැනි සෙනසුරාදා මම මගේ මිත්රයින් කීප දෙනකු සමග මගේ තවත් යාළුවෝ මුණගැහෙන්න ගියා. ඒ අතරතුරදී මගේ රිය අනතුරකට
ලක්වුණා.පහුගිය 21 වැනි සෙනසුරාදා මම මගේ මිත්රයින් කීප දෙනකු සමග මගේ තවත් යාළුවෝ මුණගැහෙන්න ගියා. ඒ අතරතුරදී මගේ රිය අනතුරකට
කොහේදීද මේ අනතුර සිදුවුණේ?
හබරණ පහුවුණාම හමුවන හිරිවඩුන්න ප්‍රදේශයේදී.
කොහොමද අනතුර සිදුවුණේ?
මම තමයි වාහනය පදවාගෙන ගියේ. අපි යන පාර ඉදිරියට වහු පැටව් කීප දෙනෙක් ආවා. මම ඒ අයට පාර මාරුවෙන්න ඉඩ දීලා වාහනය නවතාගෙන හිටියා. ඔය වෙලාවේ ඉදිරියෙන් ආපු ලොරියක් වේගයෙන් ඇවිත් අර හරක් පැටියකුත් යටකරගෙන ඇවිත් මගේ වාහනයේ හැප්පුවා.
අනතුර දරුණු එකක්ද?
මගේ වාහනයට නම් තදබල විදියට ඒ අනතුර බලපෑවා. ඒත් මටවත් මගේ වාහනයේ හිටපු අනිත් අයටවත් අනතුරක් නැහැ. මගේ මුහුණේ හා පපුවේ පුංචි තුවාල කීපයක් ඇති වුණා. ඒ වගේම අධික තෙරපුම හින්දා කොඳු ඇට පෙළේ පුංචි වේදනාවක් ඇතිවුණා.
ඉන් පසුව මොකද වුණේ?
පොලිස් නිලධාරීන් හා අවට ප්‍රදේශවාසීන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම මම මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා. මගේ යාළුවෝ හැමෝම කිව්වේ ආපහු හැරිලා එමු කියලා. ඒත් මම යන්න ගිය ගමන ගියා.
යාළුවා මුණගැහිලා එයාගෙ ගෙදර ඉඳල සඳුදා පාන්දර කෙලින්ම ගෙදර ගියා. ඒ වෙද්දිත් සිදුවීම ආරංචි වූ අයගෙන් දුරකතන ඇමතුම් දිගටම ආවා. අන්තර්ජාල වබේ අඩවිවලිනුත් කතා කළා. මාතලේ මගෙ ගෙදර ගිහින් අම්මට වාහනේ පෙන්නලා මට අනතුරක් නැති බව කියන්නයි මට ඕනෑ වුණේ. එතෙක් මේ ගැන පුවත් පළ කරන්න එපා කියලා මම වබේ අඩවිවලින් ඉල්ලා සිටියා.
පළුදු වී ගිය වාහනයෙන් ගෙදර ගියාම අම්මා කලබල වුණාද?
නැහැ. අම්මා කිව්වේ “වාහනයට මොනව වුණත් කමක් නෑ. පුතාට අනතුරක් වුණේ නෑනේ ඒ ඇති” කියලා.
හේමාල් එනතුරු බලා හිටපු යාළුවා හමුවන්න යන්න වුණෙත් පළුදු වූ වාහනයකින්.
වාහනයට ඩැමේජ් වුණාට මගෙ ජීවිතේ බේරුන එක ගැන හිතලා යාළුවාත් ඒ වෙලාවේ සතුටු වුණා.
ඒත් ඉතින් හේමාල්ට වූ අලාබය
අදාළ රක්ෂණ සමාගම මට මේ වෙලාවේ පූර්ණ සහය ලබා දුන්නා. ඒ අයටත් මම ස්තූතිවන්ත වෙනවා.
අනතුරට වගකිව යුතු පුද්ගලයාට නීතියෙන් දඬුවම් ලැබුණාද?
පොලීසියේ මහත්තුරු එයාගෙන් කටඋත්තරයක් ගත්තා. මට අවශ්‍ය නම් ඒ මනුස්සයට එරෙහිව ක්‍රියා කරන්න තිබුණා. ඒත් මම එහෙම කළේ නැහැ. එයා බඩු ලොරියක් අරගෙන කෑගල්ලට යන කෙනෙක්. ඒ වෙලාවේ මොන විදියේ පසුබිමක ඉඳගෙන ඒ වාහනය පදවාගෙන ගියාද දන්නෑ. හැබැයි ඒක තනි කෙලින් පාර. එයා අර වහු පැටියව යට කළේ මගේ වාහනයේ හැප්පුවේ පෙනි පෙනී. ඒ අර අහිංසක සතාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණේ අර මනුස්සයගෙ නොසැලකිලිමත්කම නිසා.
මම ඒ වෙලාවේ එයාට ඒ දේවල් පැහැදිලි කළේ නැත්තේ ඒ වගේ දෙයක් අවබෝධ කරගත හැකි මට්ටමක ඉන්න කෙනෙක්ද කියල දන්නෙ නැති හින්දා. මට මේ තරම් දෙයක් වෙලත් මම වචනයක් කිව්වේ නැහැ. හැබැයි එයා “සමාවෙන්න” කියන වචනේ තියා අඩුම තරමින් “යන්නම්” කියන්නෙවත් නැතුවයි යන්න ගියේ. මේ සිද්ධියෙන් පස්සේ හරි වගකීමක් ඇතුව වාහනේ පදවන්න එයා හිතට ගන්නවා නම් ඒ ඇති.
අනතුර සිදු වූ වෙලාවේ හේමාල්ට මොකද හිතුණේ?
මම රියැදුරු අසුනේ ඉන්න කොට යකඩ ගොඩක් ඇවිත් මගේ වාහනේ හැපුණා.
මාව ආසනයේ පිටුපසට තෙරපිලා ආයෙම ඉදිරියට ආවා. ඇත්තටම මට හිතුණේ් මම මියගියාද කියලා. මම ඉදිරිපස කණ්්ණාඩියෙන් මගේ මූණ බැලුවා.ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මම තාම ජීවත් වෙනවා කියලා. ද
හේමාල් මොකක්ද මේ සිදුවුණ අනතුර?
පහුගිය 21 වැනි සෙනසුරාදා මම මගේ මිත්රයින් කීප දෙනකු සමග මගේ තවත් යාළුවෝ මුණගැහෙන්න ගියා. ඒ අතරතුරදී මගේ රිය අනතුරකට ලක්වුණා.
කොහේදීද මේ අනතුර සිදුවුණේ?
හබරණ පහුවුණාම හමුවන හිරිවඩුන්න ප්‍රදේශයේදී.
කොහොමද අනතුර සිදුවුණේ?
මම තමයි වාහනය පදවාගෙන ගියේ. අපි යන පාර ඉදිරියට වහු පැටව් කීප දෙනෙක් ආවා. මම ඒ අයට පාර මාරුවෙන්න ඉඩ දීලා වාහනය නවතාගෙන හිටියා. ඔය වෙලාවේ ඉදිරියෙන් ආපු ලොරියක් වේගයෙන් ඇවිත් අර හරක් පැටියකුත් යටකරගෙන ඇවිත් මගේ වාහනයේ හැප්පුවා.
අනතුර දරුණු එකක්ද?
මගේ වාහනයට නම් තදබල විදියට ඒ අනතුර බලපෑවා. ඒත් මටවත් මගේ වාහනයේ හිටපු අනිත් අයටවත් අනතුරක් නැහැ. මගේ මුහුණේ හා පපුවේ පුංචි තුවාල කීපයක් ඇති වුණා. ඒ වගේම අධික තෙරපුම හින්දා කොඳු ඇට පෙළේ පුංචි වේදනාවක් ඇතිවුණා.
ඉන් පසුව මොකද වුණේ?
පොලිස් නිලධාරීන් හා අවට ප්‍රදේශවාසීන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම මම මේ වෙලාවේ ස්තූතිය පුද කරනවා. මගේ යාළුවෝ හැමෝම කිව්වේ ආපහු හැරිලා එමු කියලා. ඒත් මම යන්න ගිය ගමන ගියා.
යාළුවා මුණගැහිලා එයාගෙ ගෙදර ඉඳල සඳුදා පාන්දර කෙලින්ම ගෙදර ගියා. ඒ වෙද්දිත් සිදුවීම ආරංචි වූ අයගෙන් දුරකතන ඇමතුම් දිගටම ආවා. අන්තර්ජාල වබේ අඩවිවලිනුත් කතා කළා. මාතලේ මගෙ ගෙදර ගිහින් අම්මට වාහනේ පෙන්නලා මට අනතුරක් නැති බව කියන්නයි මට ඕනෑ වුණේ. එතෙක් මේ ගැන පුවත් පළ කරන්න එපා කියලා මම වබේ අඩවිවලින් ඉල්ලා සිටියා.
පළුදු වී ගිය වාහනයෙන් ගෙදර ගියාම අම්මා කලබල වුණාද?
නැහැ. අම්මා කිව්වේ “වාහනයට මොනව වුණත් කමක් නෑ. පුතාට අනතුරක් වුණේ නෑනේ ඒ ඇති” කියලා.
හේමාල් එනතුරු බලා හිටපු යාළුවා හමුවන්න යන්න වුණෙත් පළුදු වූ වාහනයකින්.
වාහනයට ඩැමේජ් වුණාට මගෙ ජීවිතේ බේරුන එක ගැන හිතලා යාළුවාත් ඒ වෙලාවේ සතුටු වුණා.
ඒත් ඉතින් හේමාල්ට වූ අලාබය
අදාළ රක්ෂණ සමාගම මට මේ වෙලාවේ පූර්ණ සහය ලබා දුන්නා. ඒ අයටත් මම ස්තූතිවන්ත වෙනවා.
අනතුරට වගකිව යුතු පුද්ගලයාට නීතියෙන් දඬුවම් ලැබුණාද?
පොලීසියේ මහත්තුරු එයාගෙන් කටඋත්තරයක් ගත්තා. මට අවශ්‍ය නම් ඒ මනුස්සයට එරෙහිව ක්‍රියා කරන්න තිබුණා. ඒත් මම එහෙම කළේ නැහැ. එයා බඩු ලොරියක් අරගෙන කෑගල්ලට යන කෙනෙක්. ඒ වෙලාවේ මොන විදියේ පසුබිමක ඉඳගෙන ඒ වාහනය පදවාගෙන ගියාද දන්නෑ. හැබැයි ඒක තනි කෙලින් පාර. එයා අර වහු පැටියව යට කළේ මගේ වාහනයේ හැප්පුවේ පෙනි පෙනී. ඒ අර අහිංසක සතාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණේ අර මනුස්සයගෙ නොසැලකිලිමත්කම නිසා.
මම ඒ වෙලාවේ එයාට ඒ දේවල් පැහැදිලි කළේ නැත්තේ ඒ වගේ දෙයක් අවබෝධ කරගත හැකි මට්ටමක ඉන්න කෙනෙක්ද කියල දන්නෙ නැති හින්දා. මට මේ තරම් දෙයක් වෙලත් මම වචනයක් කිව්වේ නැහැ. හැබැයි එයා “සමාවෙන්න” කියන වචනේ තියා අඩුම තරමින් “යන්නම්” කියන්නෙවත් නැතුවයි යන්න ගියේ. මේ සිද්ධියෙන් පස්සේ හරි වගකීමක් ඇතුව වාහනේ පදවන්න එයා හිතට ගන්නවා නම් ඒ ඇති.
අනතුර සිදු වූ වෙලාවේ හේමාල්ට මොකද හිතුණේ?
මම රියැදුරු අසුනේ ඉන්න කොට යකඩ ගොඩක් ඇවිත් මගේ වාහනේ හැපුණා.
මාව ආසනයේ පිටුපසට තෙරපිලා ආයෙම ඉදිරියට ආවා. ඇත්තටම මට හිතුණේ් මම මියගියාද කියලා. මම ඉදිරිපස කණ්්ණාඩියෙන් මගේ මූණ බැලුවා.ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මම තාම ජීවත් වෙනවා කියලා.
ආරියවංශ කුලතිලක
0 comments:
Post a Comment