පසුගිය මාර්තු 14 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අප රටේ තලේමන්නාරම දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග දශක කිහිපයක් තිස්සේ ඇනහිට ඇති ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ගොඩබිමින් ගමන් බිමන් යාමට ඇති හැකියාව පිළිබඳ කතා බහ යළි කරළියට පැමිණ තිබේ. අතීතයේ අප
රටේ තලේමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් තුඩුවේ කෙළවරෙහි ඇති ධනුෂ්කොඩි දක්වා ජු ගමනාගමන සේවයක් පැවතුණි. අතීතයේ දඹදිව වන්දනා, අධ්‍යාපනික, ව්‍යාපාරික හා සංචාරක කටයුතුවල යෙදුණු අප රටේ බොහෝ පිරිස් අද ද මෙම ගමනාගමන සේවය පිළිබඳ කතා කරති. මේ අතර එම අතීතය නුදුරු අනාගතයේදීම නැවත ජීවය ලබනු ඇති බවට අදහස් පසුගිය විවිධ මාධ්‍යවල දක්නට හැකි විය.ශ්‍රී ලංකාවේ තලේමන්නාරම් තොට සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දුම්රිය ගමනාගමනය පැවැති සමයේ කොළඹ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල වී ඇත්තේ රුපියල් 75ක් වැනි මුදලකි. මෙහිදී අප රටෙහි දුම්රිය ගමන් කළේ තලේමන්නාරම් ජැටිය දක්වා පමණි. එතැන් පටන් ධනුෂ්කොඩි දක්වා ගමන් කළ යුතු වූයේ මගී නෞකාවක් මගිනි. අතීතයේ ධනුෂ්කොඩිවල දුම්රිය ස්ථානයක් පැවැති අතර ශ්‍රී ලංකාවේදී ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන්ම ධනුෂ්කොඩි දක්වා ගමන් කළ හැකිව තිබිණි. වර්තමානයේධනුෂ්කොඩිවල දැකිය හැක්කේ ගරා වැටුණු දුම්රිය ස්ථානයක නටබුන් පමණි. එයට දැන් දුම්රියක් පැමිණෙන්නේ නැත. කෙසේ මුත් එකල මෙම දුම්රිය ධනුෂ්කොඩි සිට රමේෂ්වරම් හරහා පම්බාන් දූපතෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ප්‍රවිෂ්ට වන්නේ ලෝක ප්‍රසිද්ධ පම්බාන් පාලම ඔස්සේය.
රාමේෂ්වරම් දක්වා වර්තමානයේ දී දුම්රිය සේවයක් පවතින බැවින් පම්බාන් පාලම අද ද සක්‍රීයව පවතී. 1914 දී පම්බාන් දූපත සහ ඉන්දීය ගොඩබිම යා කරමින් මහ මුහුද හරහා ඉදිකරන ලද මෙම පාලමේ ඇති විශේෂත්වය වන්නේ මෙය ගේට්ටුවක්සේ මැදින් එසවිය හැකි ලෙස සකස් කොට තිබිමය. මෙසේ එසැවිය හැකි ලෙස සකස්කොට ඇත්තේ මෙම ප්‍රදේශය හරහා මුහුදේ නෞකා ගමන් කරන බැවිනි. නෞකා ගමන් කරන අවස්ථාවේදී පාලම දෙපසින් ඔසවා එයට ඉඩ සලසන අතර දුම්රිය පැමිණෙන විට පමණක් යළි දෙපස එක්කොට එහි ධාවනය සඳහා ඉඩකඩ සලසයි. කෙසේ වෙතත් මෙතැනින් ගමන් ගන්නා නෞකා දුර සිටම සිය නළා හඬක් නඟමින් පැමිණෙන්නේ යම් හෙයකින් පාලම ඔසවා නොමැති නම් එය එසැවීම සඳහා ලබාදෙන පණිවුඩයක් ලෙසිනි. ලෝකයේ බිහිසුණුම දුම්රිය පාලම් පිළිබඳව සඳහන්ව ඇති බොහෝ ස්ථානවල මෙම පම්බාන් පාලම පිළිබඳවද සඳහන්ව තිබේ. එහෙත් බැලු බැල්මට අවදානමක් පෙන්නුම් කළ ද මෑතක මෙහි අනතුරුදායක බවට සිදුවීම් වාර්තා වී නැත.
අප රටේ තලේමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි යනු දෙරටේ දුරින් අඩුම ස්ථාන දෙක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් ශ්‍රී ලංකාවටම ආසන්නයෙහිම පවතින ඉන්දියානු ගම්මානය ධනුෂ්කොඩිය. එම දුර ප්‍රමාණය කිලෝමීටර් 29 (සැතපුම් 18) කි. මෙය බෝට්ටුවකින් නම් අඩ පැයක නැතහොත් විනාඩි හතළිස් පහක තරම් දුරකි. දෙරට අතර විවිධ හොර ජාවාරම් ද මේ ස්ථාන දෙක ආශ්‍රිතව සිදුවන බැව් විවිධ අවස්ථාවලදී අසන්නට ලැබිණි. එබැවින් දෙරටේ වෙරළාරක්ෂක හමුදාවෝ නිරතුරු සීරුවෙන් සිටිති. කෙසේ වෙතත් අතීතයේ පැවැති නීත්‍යානුකූල ගමන් බිමන් යළි ජීවය ලබන්නට නම් බොහෝ දේ වෙනස් විය යුතුය.
ධනුෂ්කොඩි යනු වර්තමානයේ පාළු, හොල්මන් නගරයක් බවට පත් වූ ස්ථානයකි. එහි ඇත්තේ ගරා වැටුණු, අද්භූත පෙනුමැති පැරණි ගොඩනැගිලි හා ඉදිකිරීම් කිහිපයක් පමණි. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පම්බාන් අර්ධද්වීපයේ කෙළවරටම වන්නට පිහිටි නගරය වේ. නමුදු අද එහි නගරයක් වෙනුවට ඇත්තේ ධීවර වාඩි කිහිපයක් පමණි. පම්බාන් අර්ධද්වීපය යනු අප රටේ මන්නාරම වැනි දූපතකි. 1964 වසරේ සිදුවූ දරුණු සුළු සුළඟක් හේතුවෙන් නගරය සහමුලින්ම විනාශ විය.
මෙම අවස්ථාවේදී ධනුෂ්කොඩි දුම්රිය මාර්ගය විනාශ වී ගිය අතර එම අවස්ථාවේදී පම්බාන් පාලම මතින් ගමන් කරමින් තිබූ දුම්රියද සිය දෙනෙකු පමණ මහ සයුරේ ගිල්වා මරණයට පත්කරමින් සයුර මත පතිත විය. එම සුළි සුළඟට හසුව මිය ගිය මුළු සංඛ්‍යාව 1,800ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අද ධනුෂ්කොඩිවල ඉතිරිව ඇත්තේ අතීත ගොඩනැගිලිවල නටබුන් පමණි.
මේ නටබුන් අතර ධනුෂ්කොඩි දුම්රිය ස්ථානය, පැරණි කතෝලික දේවස්ථානයක්, කුඩා කෝවිල් ආදිය දක්නට ලැබේ. කිසිදු පහසුකමක් නොමැති අතර එහි ධීවර පවුල් 300ක් පමණ ජීවත් වෙති. අවම පහසුකම් ඇති ඔවුහු ජලය ලබාගන්නේ වැලි සෑරීමෙන් මතු කරගන්නා වළවල් වලිනි. මේ ජලයේ ඇති
විශේෂත්වය වන්නේ ආසන්නයේම මහ මුහුද පිහිටියත් ජලයෙහි ලුනු ගතියක් නොවීමය. ස්ථානීය වශයෙන් මෙහි අලංකාර භූමි දර්ශන ඇති මුත් පිටස්තරයන් මෙම නගරයේ රාත්‍රිය ගතකිරීම නිර්දේශ කරන්නේ නැත. ඇතැම් පිරිස් පවසන්නේ රාත්‍රියේදී යම් යම් අද්භූත රූප හා හඬවල් ඇසෙන බවකි. මෙවැනි කරුණුත්, පහසුකම් කිසිවක් නොතිබිම ආදියත් සලකා බලා දිවා කාලයේ මෙ ප්‍රදේශයේ සංචාරය කොට රාත්‍රිය ගත කිරීම සඳහා මෙහි සිට කිලෝමීටර් 18ක් පමණ උතුරින් පිහිටි රාමේෂ්රම් නගරය සුදුසු බැව් සංචාරක ආයතන උපදෙස්දී තිබේ.
ධනුෂ්කොඩි නගරයේ ඉතිහාසය රාම - සීතා වෘතාන්තය දක්වා අතීතයකට දිව යයි. හින්දු පූජනීය ග්‍රන්ථයක් වන රාමායනයට අනුව රාම දෙවියන් හනුමාන් ලවා ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා මහ සයුර ඔස්සේ පාලමක් ඉදිකරවා තිබේ. එය ‘රාම් සේතු’ හෙවත් ‘රාම පාලම’ නම් වේ. එවැන්නක් ගොඩනංවන්නට හේතුව වූයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව කරා වානර හමුදා රැගෙන ඒමේ පහසුව තකාය. මෙම පාලම ගොඩනැංවූයේ පාවෙන ගල්වලින් බව පැරණි කතාවල සඳහන්වේ. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් අදද රාමේෂ්වරම් හි පාවෙන ගල් ඔබටද දැක ගත හැකිය. මේවා ජලයට දැමූ විට ගිලී නොයයි. මෙවැනි ගල් රාමේෂ්වරම්මුහුදු තීරයේ හැර ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවේ. මේවායේ සංයුතිය ද අප දකින සාමාන්‍ය ගලකට වඩා වෙනසක් නැත. ඇතැමුන් පවසනුයේ මේවා යමහල් පාෂාණ ලෙස පෙනුණද මේ අවට කිසිදු යමහලක් නැති බැවින් එය ද ප්‍රතික්ෂේපකළ යුතු බවය. කෙසේ නමුත් මේවා පාවීමට හේතුව තවමත් විද්‍යාත්මකව විස්තර කොට නැත. ඒ කෙසේ වෙතත් රාමේෂ්වරම රාම දෙවියන්ගේ දෙවොලක් පිහිටීම නිසා දෙවියන්ගේ නගරයක් ලෙස ඉන්දියාවේ එසේම ලෝකයේම ප්‍රසිද්ධ වී තිබේ. එහෙත් ඊට නොදුරින් පිහිට ශ්‍රී ලංකාවේ තලේ මන්නාරම් තොටුපළට ආසන්නම ඉන්දියානු ගම්මානය වන ධනුෂ්කොඩිය මේ වන විට ප්‍රසිද්ධව ඇත්තේ හොල්මන් පුරය (Ghost town) යනුවෙනි. එහෙත් අද ද දකුණු ඉන්දියානුවන් සේම ලෝකයේ විවිධ ජාතීන්ට අයත් පිරිසක් මෙම හොල්මන් පුරය දැක ගැනීම පිණිස දිවා කාලයේ මෙහි පැමිණෙති.

http://worldbeyondworld.blogspot.com/2015/03/dhanushkodi-closest-ghost-toen-to-sri.html
ReplyDelete