ගගට පැන්න පෙම්වතියන් දෙදෙනා අතරින් ඔහු වැඩියෙන්ම ආදරේ කලේ කාටද?

proof-of-love2-550x365
තම ආදරය පතා ගගකට පැනි හිටපු පෙම්වතිය හා දැනට සිටිනා පෙම්වතිය අතුරින් කවරෙකුගේ දිවි බේරාගන්නේදැයි ගැටලූවකට මැදි වීමට චීන ජාතික පෙම්වතෙකුට සිදුවිය.
21 හැවිරිදි වූ හයිසා තම දිගු කාලීන පෙම්වතිය වූ ජුන් ටැන්ග් ට ආයුබෝවන් කිීවේ
අලූතින් මුණගැසුනු රොන්ග් ට්සෝ කෙරේ ඔහුගේ ආදරයක් ඇතිවීම නිසාය.නමුත් වූ ට ලෙහෙසියෙන් ගැලවී යෑමට ජුන් ටැන්ග් ඉඩ නොදුන්නාය.ඇය නව යුවළට නිතරම කරදර කළාය.
මෙය වූ ගේ නව පෙම්වතිය කෝපගන්වන්නක් විය.ඇය වූ ට මැසිවිලි නැගුවාය.දෙදෙනගේ කරදරය ඉවසා ගත නොහැකි තැන වූ හයිසා දෙදෙනම එකවර හමුවීමට තීරණය කළේය.ඒ තමන් දැන් ආදරය කරන්නේ රොන්ග්ට බව ජුන් ටැන්ග්ට පැහැදිලි කර දීමටය.
නියම කරගත් දිනයේ තිදෙන හමුවූහ.නමුත් වූ හයිසා හට කතා කිරීමටවත් ඉඩ නොලැබුණි.කෙල්ලන් දෙදෙන කෙහෙවලූ පටලා ගත්තහ.ගැටුම දුරදිග ගියේය.එක්වනම ජුන් ටැන්ග් වැටක් මතට නැග පහතින් ගලා ගිය ගංගාවට පැන්නාය.ඇය මඩෙහි සිරවිය.වූ හයිසා පැමිණ තමන් ගලවා ගත යුතු බව ඇය කීවාය.
මේ දැක රොන්ග් ට්සෝද නිකම් නොසිටියාය.ඇයද ජුන් ටැන්ග් අනුගමනය කර ගගට පැන්නාය.දැන් ඇයද මඩෙහි ගිලී සිරවීය.ආදරය කරන්නේ තමන්ට බව පෙන්වා තමන් ගලවා ගන්නා ලෙස ඇයද වූ හයිසාට ඇවිටිලි කළාය.
තම සොහොයුරාට ඇමතුමක් දී තත්ත්වය පැහැදිලි කළ වූ ගගට පැන්නේය.ඔහු තෝරාගත්තේ නව පෙම්වතිය වූ රොන්ග්ය.ඔහුගේ සොහොයුරා පැමිණ ජුන් ටැන්ග් ගොඩට ගත්තේය.
මට රොන්ග්ව තෝරගන්න වුනා.ඒක ලෙහෙසි තීරණයක් වුනේ නැහැ.නමුත් මට එය කරන්න වුනා.
වූ හයිසා පසුව කීවේය.
ගිනි නිවීමේ භටයින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියෝය.කෙල්ලන් දෙදෙන ගොඩට ගැනීමෙන් පසු වූ හා සමග කළ කතාබහක් එක් ගිනි නිවීමේ භටයෙකුගේ කණවැකී තිබේ.
මම මාස 4 කට කලින් අපේ සම්බන්ධය නැවැත්වුවා.ඇයි මට කරදර කරන්නේ වූ ජුන් ටැන්ගෙන් අසා ඇත.
මට  ඕනේ ඔයාට කරදර කරන්න තමා. ඇය පිළිතුරු දී ඇත්තීය.
proof-of-love3-550x356

proof-of-love-550x607
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment