චූටි මල්ලියි ‍පොඩි මල්ලියි “අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ්” ගෙන එයි


ගාමින්දයි සුනෙතුයි, ඒ කියන්නේ ‍පොඩි මල්ලියි චූටි මල්ලියි එකතුවෙලා ඔන්න දැන් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි ලංකාවේ පළමු වතාවට ප්‍රහසනාත්මක ටෝක් ෂෝ එකක් වේදිකාවට ගෙන ඒම. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අප්‍රේල් 5 වැනිදා වේදිකාගත වන මෙම ටෝක් ෂෝ එක ලංකාවේ
රසිකයින්ට අලුත්ම අත්දැකීමක් වනු ඇති. මේ ටෝක් ෂෝ  එක නම් කරලා තියෙන්නේ “අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ්” නමින්.
“අපි කරන්න යන වැඩේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අප් ස්ටෑන්ඩ් කොමඩි ෂෝ කියලයි. ලංකාවේ අපිට කලින් කවුරුවත් මේ වගේ වැඩසටහනක් කරලා නෑ. ඒ නිසා අප්‍රේල් 5 වැනිදාට බි.එම්.අයි.සී.එච්.එකට එන අයට කවුරුවත් නොදැක්ක වෙනස් අත්දැකීමක් බලාගන්න පුළුවන් වේවි” “‍පොඩි මල්ලියි චූටි මල්ලියි රිද්මට කිව්වා.
ස්ටෑන්ඩ් අප් කොමඩි ෂෝ ලංකාවට අලුත් අත්දැකීමක් වුණත් ලෝකයට අලුත් අත්දැකීමක් නමෛයි. කසල් පීටර් කියන්නේ මේ වගේ ටෝක් ෂෝ පවත්වන ප්‍රහසන ශිල්පියෙක්. ඔහුගේ ආකෘතියට සමාන ආකෘතියකින් තමයි ‍පොඩි මල්ලියි චූටි මල්ලියි තමන්ගේ ප්‍රසංගය ගෙන එන්නේ. ‍පොඩි මල්ලියි චූටි මල්ලියි මේ වගේ සංදර්ශනයක් මුලින්ම ආරම්භ කළේ 2013 අවුරුද්දේදී ඕස්ට්‍රේලියාව, නවසීලනත්ය, ඩුබායි, තායිලන්තය, කටාර්, කුවේට්, සිංගප්පූරුව වගේ රටවල පවත්වපු සංදර්ශනවලදී ලැබිලා තිබුණේ ඉතාමත් සතුටුදායක ප්‍රතිචාරයක්.
“අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් පැය දෙකක ප්‍රසංගයක් පැය දෙකක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ ‍පොඩි මල්ලියි චූටි මල්ලියි කතා කරනවා. සිනමාව, සංගීතය, පවුල් ජීවිතය, ක්‍රීඩාව ඒ මාතෘකා අතර වෙනවා. මේ සෑම මාතෘකාවක්ම අපේ ජීවිතයට සමීප මාතෘකා ඒ කතාව ඇත්තටම හිනා යන කතා බහක්. මේ කතා අතරමැද පුංචි විවේකයක් තියෙනවා. වීඩියෝ දර්ශන තියෙනවා. මේ සියල්ලටම සැලසුමක් තියෙනවා.
“අපි ස්ක්‍රිප්ට් එකක් අනුව කරන නාට්‍යයක් වේදිකාවට ගේන්නේ නෑ. අපිට ස්ක්‍රිප්ට් එකක් නෑ. ඒත් අපි කරන්නේ මොකක්ද කියන එක ගැන දළ සැලසුමක් තියෙනවා. මේ සැලසුම අනුව තමයි අපි කතා කරන්නේ ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව අපි කතා කරන්නේ මොනවාද කියලා තීරණය කරනවා.” සුනෙත් කියනවා.
සුනෙතුත් ගාමිණිත් මේ ප්‍රසංගය ගැන දෙන්නේ අපූරු සහතිකයක්. ඒ තමයි සෑම තත්පර තිහකට වරක්ම එන හැමෝම හිනස්සනවා කියන එකයි.
“අපි ප්‍රේක්ෂකාගාරය සෑම තත්පර තිහෙන් තිහටම හිනස්සනවා. ඒක අපි සහතික කරනවා. හැබැයි ප්‍රේක්ෂකාගාරය හිනස්සන්නේ කුණුහරුප කියලා නමෛයි. ඩබල් මීනින් තියෙන දේවල් කියන්නේ නෑ. දේශපාලන විහිළු කරන්නේ නෑ.” ‍පොඩි මල්ලියි චූටි මල්ලියි පැවසුවා.
ලොකු කුඩා හැමෝටම එකට වාඩි වෙලා මේ ප්‍රසංගය බලන්න පුළුවන්. පවු‍ලේ සැමට නැරඹිය හැකි ප්‍රසංගයක් සාමාන්‍යයෙන් මේ වගේ ටෝක් ෂෝ එකකින් විනෝදය පමණක් ලබා දුන්නට ‍පොඩි මල්ලියි චූටි මල්ලියි මේ හරහා ජීවිතයට යමක් එක් කරන්නත් බලා‍පොරොත්තු වෙනවා.
බි.එම්.අයි.සී.එච්. එකේදී පැවැත්වෙන මේ ප්‍රසංගය මගහැරගන්නා අයට තවත් අවුරුද්දක් යනතුරු මේ වගේ ප්‍රසංගයක අත්දැකීම විඳගන්න බැරිවේවි.
“අපි ලංකාවේ අවුරුද්දකට මේ වගේ එක ප්‍රසංගයයි කරන්නේ. ස්ටේජ් ඩ්‍රාමා එකක් වගේ රට පුරා අරගෙන යන්නේ නෑ. අපිට අවශ්‍ය හොඳ දෙයක් කරන්නයි.”
අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් කිහිපයක් යටතේ අලෙවි කරනවා. ප්‍රසංගයට අදාළ ටිකට් පත් ඔබේ නිවසටම ගෙනවිත් දීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා.
“කාට හරි ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 0117222121 අංකයට ඇමතුමක් අරගෙන අදාළ තොරතුරු ලබාදිය හැකියි. ඔවුන් ඔබගේ ටිකට් පත ඔබේ අතටම පත් කරා. දැනටමත් ටිකට් පත් බොහෝමයක් අලෙවි වී තිබෙන නිසා ඉක්මනින්ම ටිකට් පත් වෙන් කරගන්න අමතක කරන්න එපා “‍පොඩි මල්ලියි චූටි මල්ලියි ඉල්ලා සිටියා.
 සංජය නල්ලපෙරුම
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment