තරු බිහිවන තිඹිරිගෙයක් සොයා ගනී


තාරකා විද්‍යාඥයන් විසින් දැවැන්ත තරු බිහිවන ප්‍රදේශයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඉරාස් 16547-4247 ලෙස නම්කැර ඇති මේ ප්‍රදේශයේ ගෑස් උපදවමින් තරු බිහිවෙමින් පවතින බව නිරීක්ෂණය කළ
හැකි වූ බව පර්යේෂකයෝ කියති. වේගයෙන් සංසරණය වන වායු වලා මෙතනෝල් අණුක මාර්ගයෙන් විමෝචනය වෙමින් තාරකා හා උප තාරකා බිහිවෙමින් පවතින බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. මෙතනෝල් අණුක වායු විමෝචනයෙන් තරු බිහිවන ආකාරය නිරීක්ෂණය කළ හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවසේ. කෙසේ වෙතත් මේ තත්ත්වය වැඩිදුර අධ්‍යයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ද තාරකා විද්‍යාඥයෝ කියති.
පොකුරු වශයෙන් උපතලබමින් සිටින මේ තාරුකාවලට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9500 ක දුරක් පවතින බව ද තහවුරු කැරගෙන ඇත. ඉබාරකි විශ්වවිද්‍යාලයේ ආචාර්ය අයා හිගුචි විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙහි අධි ඝනත්වයකින් යුතු තාරුකා උපත ලබමින් තිබෙන බවයි.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment