කිව්වා නෑහූ සංචාරකයා සිංහයාගේ බඩට

2941369300000578-0-image-a-17_1433170362307පාලකයින්ගේ උපදෙස් නොතකා අපි‍්‍රකාවේ සිංහයින් සදහා වෙන්කර තිබෙන සත්ත්වෝද්‍යානයක තමන් සිටි මෝටර් රථයේ වීදුරු විවෘතකරගෙන සිටි ඇමරිකා ජාතික
තරුණියක සිංහයෙකුගේ ප‍්‍රහාරයට හසුව මරණයට පත්ව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ සිට අවට ඡායාරූප ගනිමින් සිටි ඇය දෙසට ළංවූ සිංහ ධේනුවක එක්වනම කඩාපැන විවෘත කර තිබුණු වීදුරුවෙන් ඇයව ඉවතට ඇදගත් බවයි.
කෑගසා සිංහ ධේනුව පළවා හැරියද ඒ වන විටත් එම තරුණිය මියගොස් සිටි බව ඔවුන් කියයි.
සත්ත්වෝද්‍යානයේ පාලකයින් පවසන්නේ සෑම විටම මෝටර් රථ වල වීදුරු වසාගෙන සිටින ලෙස තමන් සංචාරකයින්ට අවවාද කරන බවයි.මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව එම උපදෙස් නොසළකා හැරීම යැයි ඔවුන් පවසයි.
කෙසේ වුවත් සිංහයින් සඳහාම වෙන්ව තිබෙන මෙම එළිමහන් සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව ගැන ගැටළු මතුව තිබෙන්නේ වරක් දෙවරක් පමණක් නොවේ. සිංහයින් 85 දෙනකු පමණ නිදැල්ලේ සැරිසැරියද සත්ත්වෝද්‍යාන භූමියේ සිට සාද පැවැත්වීමටත්,කූඩාරම් ඉදිකිරීමටත් අවසරදී තිබීමෙන්ම සත්ත්වෝද්‍යානයේ පාලකයින් සංචාරකයින්ගේ ආරක්ෂාව කෙරෙහි කෙතරම් අඩු සැළකිල්ලක් දක්වන්නේදැයි හොදින්ම පැහැදිලිවන බව පරිසරවේදීහු කියති.
2941E0A600000578-3106004-image-a-10_1433180421402

2941E05200000578-3106004-image-m-52_1433193155259

29422A4A00000578-3106004-image-a-28_1433186106648

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment