ගණිකා වෘත්තිය නීතිගත කල යුතු බව මම කීවම මට හරියට මඩපාරවල් වැදුනා
කොහොමද මේ දිනවල කලා කටයුතු එහෙම?
වරදක් නෑ. හොඳින් කරගෙන යනවා. මම කවදත් ලොකුවට වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමේ.
ඇයි ඒ රඟපාන්න කම්මැලිද...?
පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා. හොඳ නිර්මාණ ලැබිමේ අඩුව ප්‍රධාන වශයෙන් තියෙනවා. අනික ඉතින් මිනිසුන්ගේ මතකයේ රැඳෙන්න තිරයේ නිරන්තරයෙන් දකින්න ඕනෑ නෑ කියලයි මට හිතෙන්නේ.
ඒ වුණාට ජනප්‍රිය නිළිය සම්මානය තාම ගන්න බැරි වුණා නේද...?
මටම එස්.එම්.එස් කරගෙන ඔය සම්මානය ගන්න හිතෙන්නෙ නෑ. ඊට වඩා මට හැමදාම ලැබෙන ජනතා සම්මානය වටිනවා. පාරට බැස්සහම ඒක හුඟාක් හොඳින් තේරෙනවා.
මෙගා නාට්‍ය කින් ජනප්‍රිය වූ ඔබ එතනින් පසු මෙගාවල නෑ
දෙයක් කරන්න පුළුවන් චරිත විතරයි මම භාර ගන්නේ. ආවාට ගියාට චරිත කරන්නේ නෑ.
කලාත්මක නිර්මාණයක රඟපාන්න කැමැති නැද්ද...?
ඇත්තටම ඔව්.. අභියෝගාත්මක චරිතයක් කරන්න ආසයි. පසුගියදා සිහින සින්ඩරෙල්ලා නිර්මාණයේ නම් මුඩුක්කු චරිතයක් කළා. ඒ ගැන තෘප්තිමත්වයි ඉන්නේ.
දේශපාලනයට එන්න අදහසක් නැද්ද..?
අපෝ නෑ. මම නීතියත් හදාරලා තියනවා. ඒ වුණාට ලංකාවේ දේශපාලනයට එන්නේ නෑ.
ආදරය විවාහය දකින්නේ කොහොමද...?
ආදරය හරිම සුන්දරයි. කෙනෙකුට ආදරය කරද්දි තනිවෙලා නෑ කියලා හිතෙනවා. ඒත් මම ආදරයෙන් පැරදිලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට ළං වෙන්න බයයි. විවාහයට ආසයි. අනාගතයේ විවාහය සිදු වේවි.
සුන්දර තරුණියක් පෙම්වතෙක් නෑ කීවොත් බොරු
අනේ ඇත්තමයි. මේ වෙද්දී මට පෙම්වතෙක් නෑ
පසුගියදා පුවත්පතක පළ වී තිබුණා ඔබ කියලා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා අපේ රටේ.?
මම කවදත් සමබරව කතා කරන කෙනෙක්. මේ ප්‍රකාශයට මට හරියට මඩ වැදුණා. අපේ රටේ සාධාරණව කතා කරන්න බෑ. මම දකින සාධාරණ හේතු නිසයි මම එහෙම කීවේ. හැබැයි බුද්ධිමත් අය දන්නවා මම කියපු දේ මොකක්ද කියලා...?
ඔබ දකින සාධාරණ හේතු මොනවද..?
දැන් බලන්න ගැහැනු කොයි තරම් අපේ සමාජයේ අසරණ වෙන අවස්ථා තියනවද..? ආදරය නාමයෙන් අසරණ කෙල්ලන්ගේ ජීවිත සමග සෙල්ලං කරන පිරිමි කොයි තරම්ද..? අන්තිමට තනි වෙන්නේ අසරණ වෙන්නේ ගැහැනු. ළිඳට වැටුණු පසු ළිං කටින්මයි ගොඩ විය යුත්තේත්. අපේ රටේ ඉහළ මිනිස්සුන්ගේ ඉඳන් පහළ මිනිස්සු දක්වාම ගණිකාවන් ළඟට යනවා. මේ වෘත්තිය නීතිගත කළොත් අපේ රටේ මේ සිදුවෙන අපචාර බොහොමයක් අඩුවෙන්න පුළුවන්.
ඔබ කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු කියලද...?
නීතිගත කරන එකේ කිසිම වරදක් නෑ.
ගැහැනියක් අන්ත අසරණ වූ පළියට ඇඟ විකුණන්න ඕනද..?
ඇත්තටම ඇඟ විකුණන එක පවක් දහම අනුව නම් ඒත් රැකියාවක් වශයෙන් මේ වෘත්තියේ නියැලෙන අය තම පවුල ජීවත් කරවන්න මේ දේ කරනවා. අපහසුතාවක් නැතුව කරගන්න පුළුවන් පරිසරයක් ඒ අයට ඕනේ. මම මේ කියන දේවල් බුද්ධිමත්වයි හිතන්න ඕන.
ගැහැනියක් කැමැත්තෙන් මේ වෘත්තියේ යෙදෙයි කියලා සිතනවාද...?
නැතිවෙන්න පුළුවන්. ඒත් අන්ත අසරණ වුණහම ජීවත්වෙන්න මුදල් අවශ්‍ය වුණහම යොමුවෙන්න පුළුවන් නේද...? අපි මානුෂිකවයි හිතන්න ඕන.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් අපචාර අඩුවෙයිද...?
බොහෝ දුරට අඩුවෙයි. දැන් බලන්න අපේ රටේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කොච්චර සිදු වෙනවද...? අසහනයෙන් ඉන්න පිරිමි නේද මේවා කරන්නේ. ඉතිං ගණිකා වෘත්තිය නීතිගත කරපුවහම මේ අපරාධ අඩුවෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. දැන් බලන්න ඇතැම් රටවල මේ ප්‍රශ්න නැත්තේ මෙය නීතිගත කර තිබෙන නිසානේ. ඇත්තටම අපේ රටේ මේවා කතා කළත් වැරදියි. තේරුම් ගැනීම තමා ඉතිං...
0 comments:
Post a Comment