ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගය අතරතුර ගාලු කොටු පවුරේ සිට තරගය නරඹමින් සිටි
ළාබාල පෙම් ජෝඩු කරන වැඩත් මැච් එක
ලයිව් යන අතරේ මුළු රටටම පෙන්වා තිබේ, තම නිවසට හොරා පන්ති නොයා මැච් එක බලන්න ආ මේ තරුණ කපල් මුළු රටටම පේන්න ලයිව් පෙන්නපු වෙලාවේ ගෙදර ඉන්ය අය මේක දැකල තිබුණානම් ගෙදර ගිහිනුත් ඉවරයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමක හා කඩුලු හයක ජයක් අද වාර්තා කළේය. කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 152යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 484 ලබා ගත්තේය.
සිය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න ලකුණු 186 ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 151ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251 පමණයි.
තම කණ්ඩායම පළමු ඉනිම අසාර්ථක වූ හෙයින් දෙවන ඉනිම සදහා පන්දුවට පහර දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිදුවිය. කෙසේ වෙතත් දෙවන ඉනිම සදහා පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 227ක් පමණයි.
0 comments:
Post a Comment