සිසුවියන් 6 දෙනාගේ නිරුවත් පින්තූර ෆේස්බුක් එකේ


හොරොව්පොතාන කපුගොල්ලෑව ප්‍රදේශයේ ගුරුවරයකු විසින් බරපතළ ලෙස අපයෝජනය කළ පාසල් සිසුවියන් හය දෙනාගේ ඡායාරූප ෆේස්බුක් වෙත මුදා හැර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ වහාම විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා
හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නවීර එස්. අඩස්සූරිය මහතාට නියෝග කළේය. සිසුවියන්ගේ ඡායාරූප ෆේස්බුක් වෙත මුදා හැරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වුවහොත් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කෙරිණ.

ගුරුවරයකු විසින් පාසල් සිසුවියන් හය දෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කෙරිණ. සිසුවියන් හය දෙනකු බරපතළ ලෙස අපයෝජන කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ දැනට රිමාන්ඩ් කර සිටින සැකකාර ගුරුවරයාට ඇප ලබාදීම නැවතත් දැඩිව ප්‍රතික්‍ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු තවදුරටත් මේ මස 25 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කළේය. තවදුරටත් මෙසේ රිමාන්ඩ් කළේ හොරොව්පොතාන කපුගොල්ලෑව පදිංචි මංජුල සම්පත් ජයසේකර නමැති පුද්ගලයෙකි. හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නවීර එස්. අඩස්සූරිය මහතාගේ උපදෙස් මත සැරයන් වන්නිනායක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සිසුවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජේ‍යෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතා පෙනී සිටියේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

2 comments: