බිරියන්ට ලයින් දැමූ මනමාල කුරුල්ලෝ පොලිස් කූඩුවේ


සැමියා නිවසේ නොමැති බිරිය පමණක් රාත‍්‍රී කාලයේ සිටින නිවාස බලා රාත‍්‍රි කාලයේ ඊට ඇතුළුවූ තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු 16 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයා 22 හැවිරිදි අයෙකි.
සැකකරුවන් දෙදෙනාම රාත‍්‍රි කාලයේදී ජනේලවලින් නිවෙස් තුළම රිංගා ඇත.
සැකකරුවන් දෙදෙනා මේවනවිට පොලිස් ඇපමත මුදාහැර ඇති අතර මෙම මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිසිය නියෝග කර ඇත.
මොනරාගල සහකාර පොලිස් අධිකාරී කපිල අනුර පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment