
බලන්ගොඩ – නන්දසේන පිනිදියආරච්චි) අනුන්ගේ නාන කාමර සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරිමට පුරුදුවී සිට ගැටවරයකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පියකු ගැන නගරයට ආසන්න
ගමකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙසේය. කාන්තාවන් නාන කාමරවලට සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරීමට පුරුද්දක් ඇතිව සිටි අයෙකි. අවස්ථා කීපයක්ම, ඔහු දරුවන්ගේ නාන කාමරයට සහ ඇඳුම් මාරුකරන තැනට එබිකම් කරන බවට පියාට සැකයක් ඇතිවිය. ඔහුට පහරදීම නීතිවිරෝධී බව සිතූ පියා, මේ තැනැත්තාට හොඳ පාඩමක් ඉගැන්වීමට අදිටන් කර ගත්තේය. නගරයට ගිය පියා වාහන සේවා ස්ථානයකින් කළුතෙල් ගැලූම් දෙකක් බූලියක පුරවාගෙනවිත් නාන කාමරය පිට පැත්තේ වහලේ එල්ලා තැබීය. බූලියේ මූඩියට කම්බියක් ගැට ගසා එහි කෙළවර නිවෙස තුළ රඳවා තැබීය. එදින ? බෝවූ පසු නිවසේ වැඩ හමාරකළ දියණිය මූණ සෝදාගැනීම සඳහා නාන කාමරයට ගියා පමණි. එ අසල ගැවසෙන අයකුගේ සේයාව පියාට දැකගත හැකිවිය. හොඳටම කල්බලා කම්බිය ඇද්දා පමණි. කළුතෙල් බූලියේ මූඩිය ගැලවී, එතැන ගැවසුණ තරුණයා කළුතෙල්වලින් නෑවී ගියේ, සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි අන්ඳමිනි. පස්ස නොබලා ගෙදර දිවගියත්, ඇඟ පුරා නැහැවී තිබු කළුතෙල් ඔහු ගිය පාර දිගේ බේරී තිබිණි. පසුදින උදේ සිද්ධිය සැලවීමත් සමග කළුතෙල් පාර දිගේ සොයාගෙන ගිය අයට සැකකරු හඳුනාගැනීමට අපහසු නොවීය. රාත‍්‍රියේම වත්ත පහළ දොළට ගිය ඔහු පිරිසිදු වීමට භූමිතෙල් ගැලූමක් සහ සබන් බාර් එකක් ගෙන ගියාලූ. දැන් ?ට නිවෙසින් පිටයන්නේ නැතිලූ.
0 comments:
Post a Comment