අනියම් මුදු පටලැඅවිල්ල


අනියම් පෙම්වතකු සමග කුලියට ගත් කාමරයක සිට පැමිණි කාන්තාවකගේ රන් මුදු තුනක් එහිදී නැතිවීමෙන් පසු කූට උපක‍්‍රමයකින් සැමියාගෙන් බේරුණු බිරියක පිළිබඳව පාදුක්කට නුදුරු  ගමකින් අසන්නට ලැබුණි.


 තම දරුවා රැුගෙන සති අන්ත උපකාරක පන්තියට යන ඇය දරුවාගේ පන්ති අවසන් වන තුරු රැුඳී සිටියදී විවාහයට පෙර ඇසුරු කළ විවාහක මිතුරකු සමග කුලී කාමරයකට ගොස් ඇත.

එසේ සිටියදී හදිසියේ මිතුරියකගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ තම පුතාගේ පන්ති වේලාසනින් අවසන්  වී ඇති බවය. පැය බාගයක් ඇතුළත ඇය තම දරුවා සොයා පැමිණි අතර තමා සිටි කාමරයේ ඇඳේ කොට්ටය යට ගලවා තැබූ රන් මුදු තුන ආපසු නොගෙනා බව සිහිවූයේ නිවසට ගියාට පසුවය.

 තම අනියම් පෙම්වතාට දුරකතන ඇමතුමක් දී සොයා බැලූවත් මුදු සොයාගත නොහැකිවූ අතර මුදු නැතිවීම පිළිබඳ සිය සැමියාට පැවැසීමට ඇය අපූරු උපක‍්‍රමයක් යෙදුවාය.  

සැමියා වැඩ අවසන් වී නිවසට පැමිණි පසු ඇය ඔහු අමතා කියාසිටියේ මුදු තුන අද පැළඳගෙන යාමට අමතක වූ බවත් නිවසට පැමිණ බලන විට තැබූ ස්ථානයේ ඒවා නොමැති බවත්ය. සවස මත්පැන් පානයට තම සැමියා මුදල් ගෙවීමට ඒවා රැුගෙන ඇතැයි පවසමින් ඔහු සමග ඒවා ඉල්ලා බොරු රණ්ඩුවක් පටලවා ගත්තාය.

වසර දෙක තුනකට පසුව මංගල සාදයකදී තම අනියම් පෙම්වතාගේ බිරිය හමුවී කතා බහ කරමින් සිටියදී ඇය පුරසාරම් දොඩමින් කියා සිටියේ ”අනේ බලන්නකො දෙවියෝ ගෙනත් දුන්නා වගේ මගේ මහත්තය පාරෙ තිබිල අහුලල මේ මුදු තුනම මට ගෙනත් දුන්නා. අයිතිකාරයෙක් කොහේ කියල හොයන්නද? මං දානවා”  යනුවෙනි 

මේ ඇසූ මුදු අයිති කාන්තාව දොලෝ රත්වූවාය. ඇගේ අනියම් පෙම්වතා මෙයින් බේරීමට කූට උපක‍්‍රමයක් යෙදුවේ සියල්ල වැරදී ඇති බව පසක් වීමෙනි.
”මම දන්නෙත් නෑ අපේ එක්කෙනා මම නැති අතරේ අපි එදා හිටිය තැන රූම් බෝයි එක්ක සෙට් වෙලානෙ. මම එයාට හොඳ පාඩමක් ඉගැන්නුවා. මම මේ ගැන දැනගත්තේ ඔයා දුරකථනයෙයෙන් ඇහුවට පස්සේ. ආ මෙන්න මුදු තුන” යයි පවසා අනියම් සැමියා ඇයට මුදු ලබා දුන්නේය. 

අනියම් පෙම්වතාගේ බිරිය මුදු තුන  ගැන සිය සැමියාගෙන් විමසූ විට ඔහු කීවේ ‘දෙයියො දුන්න දේ භූතයෝ අරන් යන්න ඇති’ යනුවෙනි. ‘ගෙදරට ගෙනත් දුන්න දේ පරිස්සම් කරගන්න බැරිනම් මම මොනවා කරන්නද?’ යනුවෙන් ඔහු ඇසූ කතාව මගහැරියේය. 

නැවත මුදු තුන හමුවූ මුල් හිමිකාරිය තම සැමියා වැඩ අවසන්ව  නිවසට පැමිණි පසු ”අනේ මම හිතුවේ ඔයා ගන්න ඇති කියලා. අල්මාරිය ඇතුළ තිබිල හම්බ වුණේ” යනුවෙන් පවසමින්  මුදු තුන පෙන්වා සිටියාය. 
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment