රිය පුහුණු පාසලේදී සැමියා බිරියට පහරදීලා


ඇය රිය පුහුණු පාසලක සේවය කළාය. සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ ඇය තම දෛනික කටයුතුවල යෙදී සිටිය දී ඒ ආයතනයේම තරුණයකු හා යම් බහින් බස්වීමක් සිදුවිය.

එය දුරදිග යාමෙන් කෝපයට පත් තරුණයා රිය පුහුණුවට ආ පිරිමින් බලා සිටියදීම කාන්තාවට පහර දෙන්නට පටන් ගත්තේය. පහර කෑමට ලක්වූ කාන්තාව කෑ ගසන්නට වූවාය.


ඇගේ කෑගැසීම ඇසී එහි සිටි තිදෙනෙක් වහාම එතැනට ගියහ. කාන්තාවට පහරදෙන තරුණයා අල්ලාගත් ඔවුහු ඒ තරුණයාට පෙරළා පහර දී මෙල්ල කළහ. ඔවුන් වහාම පොලිසියට හදිසි ඇමැතුමක් දී රිය පුහුණු පාසලට පොලිස් නිලධාරින් ගෙන්වා ගත්තේය.

පොලිස් නිලධාරින් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර කාන්තාවට පහර දුන් තරුණයා අත්අඩංගුවට ගෙන ඔහු පොලිසියට කැඳවාගෙන යාමට සැරසුණි.
මේ අවස්ථාවේ පහර කෑමට ලක් වූ කාන්තාව ඉදිරියට ආවාය. ඇය පොලිස් නිලධාරින්ට මෙසේ කීවාය.

අනේ මහත්තයෝ එයාව ගෙනියන්න එපා. ඔය මගේ මහත්තයා.”

ඇගේ කීමට අවනත වූ පොලිස් නිලධාරිහු එතැනින් ඉවත්ව ගියහ. කෙසේ වුවද කාන්තාවට පහර දුන්  තරුණයා ඇයගේ සැබෑම ස්වාමි පුරුෂයාදැයි හරියටම දන්නේ නැතිලූ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment