ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ෆේස්‌ බුක්‌ තහනමක්


තමන්ට දැනගන්නට ලැබෙන අකාරයට, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට පැමිණ සිටින නවක ක්‍රීඩකයන් දක්‍ෂතා අතරට නොපැමිණීමට ප්‍රධාන හේතුවක්‌ වනුයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව කණ්‌ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන කැපකිරීම සහ උවමනාවේ මඳ බව යෑයි ක්‍රීඩා
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි, මේ සම්බන්ධයෙන් ' කරන ලද විමසුමකදී වැඩිදුරටත් කරුණු දක්‌වා සිටි අලුත්ගමගේ මහතා, මෙයට හුදෙක්‌ම එම ක්‍රීඩකයන්ගේ 'තරුණ මදය' සහ ඔවුන් වෙත අසීමිත මුදල් සම්භාරයක්‌ ඇදී ඒමද හේතුවී තිබෙන බව සඳහන් කර සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 95 කට ආසන්න කාලයක්‌ වන අතර එහිදී කණ්‌ඩායම යළි නගා සිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ තේරීම් කමිටු සභාපතිවරයා වන සනත් ජයසූරිය මතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවකදී මේ පිළිබඳව වූ කරුණු තමාට දැන ගැනීමට හැකිවූ බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර සිටියේය. මට ආරංචි විදියට තරුණ ක්‍රීඩකයෝ තරගාවලිවලට ගියහම තරග ඉවර වෙලා මෙයාලා රෑ එළි වෙනකම් ඉන්නේ 'ඔන්ලයින්' එකට වෙලා ෆේස්‌ බුක්‌' එකේලු. නිදි මැරුවහම කොහොමද උදේට මැච් ගහන්නේ. කිසිම පිට්‌ එකක්‌ නැහැ. අපේ ක්‍රීඩකයෝ තරගවලදී දක්‍ෂතා අතරට එන්නේ නැත්තේ ඒකයි. මේ හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉදිරියේදී ෆේස්බුක් තහනම් කරන්න සිදුවෙනවා.

''බලන්න. අපේ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කොච්චර කැප කිරීමක්‌ කණ්‌ඩායම වෙනුවෙන් කරනවද. ඒත් අපේ අලුත් ක්‍රීඩකයෝ එහෙම නැහැ. මේ ක්‍රීඩකයෝ තමන්ගේ තරුණකම, කෙළිලොල්කම, මෙන්ම ඔවුන් වෙත ගලාගෙන ඒන අසීමිත මුදල් නිසා ඒ කැප කිරීම නැති කරගෙනයි ඉන්නේ. ඉස්‌සර එහෙම නොවෙයි. හැම ක්‍රීඩකයකුගෙම කැප කිරීමක්‌ තිබුණා. ඔවුන් වෙලාවට ගිහිල්ලා හරියට කනව, නිදා ගන්නවා සහ පුහුණුවීම් කරනවා'' යනුවෙන් මහින්දානන්ද මහතා පැවැසීය.

මෙම අදහස්‌ දැක්‌වීමේදී තමාට මාධ්‍ය හමුවේ හෙළි කළ නොහැකි කරුණු ගණනාවක්‌ද දැන ගැනීමට හැකිවූ බව සඳහන් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා, ශික්‍ෂණයක්‌ රහිතව හැසිරෙන ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව මින් ඉදිරියට දැඩි තීරණ ගන්නා ලෙස තමා තේරීම් කමිටු සභාපතිවරයාට දැනුම් දුන් බවද සඳහන් කර සිටියේය.

මෙහිදී කාලයක්‌ මුලුල්ලේම නවක ක්‍රීඩකයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කළද එහිදී යන්තමින් හෝ ගොඩ ගැනීමට හැකිව ඇත්තේ (ළහිරු) තිරිමාන්න පමණක්‌ බවත් සඳහන් කරන ක්‍රීඩා ඇමැතිවරයා සෙසු නවකයන්ට ලබා දුන් අවස්‌ථාවන්වලදී ඔවුන් නිසි ප්‍රයෝජනය ලබාගෙන නොමැති බවද සඳහන් කර සිටියේය.

'කණ්‌ඩායමේ බලාපොරොත්තු තියලා තියෙන ක්‍රීඩකයන් රෑ දෙක, තුන වෙනකම් ෆේස්‌ බුක්‌වල ඉඳලා නිදි මැරුවහම තරග ජයග්‍රහණය කරන්න පුලුවන්ද. මේ වගේ යම් යම් ප්‍රශ්න අපිට පැන නැගිලා තියෙවා. මේවට දැඩි නීති රීති ගෙනල්ල හදා ගත්තේ නැත්නම් අපිට මේක හරියට කරගන්න වෙන්නේ නැහැ'' යනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment