මානව වර්ග දෙකක් අතීතයේ මිශ්‍ර වෙලා

Fossil Dna 1
ගල් යුගයේ නියැන්ඩතාල් මානවයා හා නූතන මානවයාගේ හෙවත් හෝමෝ සේපියන් මානවයාගේ අතීත මුතුන් මිත්තන් අතර තිබූ සබඳතාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වූ බව මානව විද්‍යාඥයෝ කියති.

මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ වසර 36,000ක් පමණ පැරණි ඇට සැකිල්ලකින් ගත් ජාන පරික්ෂා කිරීමෙනි. කේම්බ්‍රිජ් හා කෝපන්හේගන් විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පවසන්නේ දළ වශයෙන් වසර 54,000ට පෙර පටන් මේ මානව විශේෂ දෙක අතර අන්තර් සම්බන්ධතා පවතින්නට ඇති බවයි.
ප්‍රවේණි ද්‍රව්‍ය පරීක්ෂාවෙන් පෙනීගොස් ඇත්තේ ශිලා යුගයේ ජීවත් වූ නියැන්ඩතාල් මානවයාගේ ජානවලින් සුළු කොටසක් අප්‍රිකාවේ සිට යුරෝපය දක්වා පැමිණි පළමු නූතන මානව සැකිළිවලින් ද හමුවන බවයි. ඒ අනුව නියැන්ඩතාල් මානවයා හා හෝමෝසේපියන් මානවයා එකිනෙක අන්තර්අභිජනනයෙන් සම්මිශ්‍රණය වී ඇති බව තහවුරු වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ වර්තමානයේ පවා ආසියා හා යුරෝපීය මිශ්‍ර ජනයාගේ ඩී.එන්.ඒ. වල නියැන්ඩතාල් මානයාගේ තිබූ ඩී.එන්.ඒ. ස්වල්පයක් දක්නට ලැබෙන බවයි.
“ නියැන්ඩතාල් මානවයා වේගයෙන් තුරන් වී ගියා. ඒ වගේ ම නූතන මානවයා කොතරම් ප්‍රමාදව නියැන්ඩතාල් මානවයාට මුණ ගැසුනා ද කියා අපි දන්නේ නැහැ“ යැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ෆොලේ ප්‍රශ්න කරයි. ඔහු වැඩිදුරත් මෙසේ ද කීවේය.
‘‘ඇත්තටම අපි පුදුමයට පත්වූවා. මොවුන් අතර අන්තර්අභිජනනයක් සිදුවූ බව සොයා ගැනීමෙන්. නමුත් දැන් වෙත් ප්‍රශ්නයක් පැන නැගි තිබෙනවා. මේ අභිජනනය සිදුව ඇත්තේ ඉතා සුළු වශයෙන්. එය අපට තවමත් තේරුම්ගත නොහැකි විශේෂිත තත්ත්වයක්. “
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment