සචින්ට අවසන් ගෞරව දක්වයි. ඉන්දියාවම කැලබිල


ලොව සෑම මාධ්‍යයක් පාහේම ෆිල් හියුස්ගේ මරණය පිළිබඳ වර්තා කිරීමට පෙළබුණි. කෙසේ නමුත් මෙම සිදුවිම වාර්තා කිරීමේදි අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට ඉන්දියවේ ජනප්‍රිය පුවත්පතක් වන "Times of India" පුවත්පතට සිදුව තිබේ.


මෙම වැරැද්ද හුවා දක්වමින් බොහෝ  ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි එය විශේෂයෙන් වාර්තාකර තිබුණේ මෙය ඉන්දියාවම කම්පනයට පත්කරන දෙයක් හෙයිනි.




ඒ එම පුවත්පතෙහි ෆිල් හියුස්ගේ මරණය සමබන්ධයෙන් පළවූ ලිපියක අවසානයේ අත් වැරදිමකින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක  සචින් ටෙන්ඩුල්කාර් වෙත අවසන් ගෞරව ප්‍රාර්ථනා කර තිබීමයි. මේ වන විට ඉන්දියාව පුරා කා අතරත් ආන්දෝලනාත්මකව කතා බහට ලක්වන මාතෘකාවක් බවට මෙය පත්ව තිබේ.

Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment