අම්මේ මගෙ අතින් වහලෙට හේත්තු කරලා තිබුණු ඉණිමඟ පෙරළුණා. ඉක්මනට ඇවිත් ඒක කෙළින් කරලා දෙනවද? තම කුඩා පුතු කෑ ගසා කියනවා චාන්දනීට ඇසුණි. ඈ සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.
මම කුස්සියෙ වැඩක් පුතා. තාත්තට කියන්නකො ඒක කෙළින් කරන්න කියල. චාන්දනී සිටි තැනම සිට උස් හඬින් කීවාය.
තාත්තට ඒක කරන්න බැහැ අම්මේ. එයා ඉන්නෙ වහලෙ එල්ලිලා. පුතා පිළිතුරු දුන්නේය.
0 comments:
Post a Comment