හොහොමද දන්නෙ?


කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති
බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.
කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?

එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.
මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?
නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.
සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment