ඔන්න ගයේෂා ආයෙත් අළුත් වැඩකට අත ගහන්න සූදානම් වෙනව


පසුගිය කාලයේ ගයේෂාගේ යම් නිහැඩියාවක් දකින්නට ලැබුණා.
ඒ කාලය තුළත් මට පුරුදු විදියටම මගේ දේශපාලන කටයුතු කළා. යම් යම් ව්‍යාපෘතීන්ට එක්වුණා.
 ගයේෂා පසුගිය දවස්වල ආයෙම ඡන්ද වැඩට එකතු වුණා නේද?

ඔව්. ආයෙම මම වැඩ කරන්න පටන් ගත්තා.
 කාටද ගයේෂාගේ සහය?
මම එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකාවක් බව හැමෝම දන්නවා. මගේ සහය ඒ පක්ෂයට.
 පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී  ගයේෂා ඡන්ද ඉල්ලන්න ඉදිරිපත් වුණා. ඒත් නාම යෝජනා ලැබුණේ නැහැ
ඔව්.
 ඉන්පසුව ගයේෂා නදීෂා හේමමාලිට සහය දෙන්න ඉදිරිපත් වූ බවට රාවයක් පැතිර ගියා නේද?
ඒක බොරු ආරංචියක්
නදීෂා ගයේෂාගේ මිතුරියක් නේද?
ඇය මගේ සහෝදර නිළියක්. ඒත් නදීෂා ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. මම එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකාවක්. ඉතින් මට බැහැනේ නදීෂාට උදව් කරන්න. හැබැයි ඉතින් නදීෂා අපේ පක්ෂය තුළින් ඉල්ලුවා නම් මගේ උපරිම සහය ඇයට ලැබෙනවා.
  බිරිඳක් විදියට ගෙවී යන ජීවිතය කොයි වගේද?
සුන්දරයි. හැබැයි වගකීම් සහිතයි. සාමාන්‍ය බිරිඳක් විදියට තමයි මගේ ජීවිතෙත් ගතවෙන්නේ.
  ඒත් ඉතින් කලාවයි දේශපාලනයයි එක්ක කාර්යබහුල වුණාම බිරිඳක්, ගෘහනියක් විදියට විය යුතු කටයුතු කරන්න බැහැනේ.
උයන පිහන කටයුතු, හසංජිත්ගේ කෑම බිම හදල දෙන කටයුතු ඔක්කොම මගෙ අත් දෙකෙන් තමයි කරන්නේ. කාර්යබහුල  වුණා කියල මම ගේ දොර කටයුතු අතපසු කරන්නේ නැහැ.
  ආදරය කරද්දී වගේ නමෛයි විවාහ වුණාට පසුව එකට ජීවත් වෙද්දී පුංචි පුංචි ආරවුල් ඇතිවෙනවා.
ඔව් ඉතින් ඕනෑම පවුලක පුංචි පුංචි ගැටුම් තියෙනවානේ. ඒත් ඉතින් අඹුසැමි ගැටුම බත ඉදෙනතුරු විතරයි. අපි දෙන්නත් සාමාන්‍ය දෙන්නෙක්. අපි අතරත් ඉඳහිට පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා. අපි ඉන්නේ හසංජිත්ගේ මහ ගෙදර. අපිත් එක්ක එයාගෙ වැඩිහිටියො ඉන්නවා. ඒ හින්දා පුංචි මත ගැටීමක් වුණත් ඒ අය මැදිහත් වෙලා ඒක විසඳනවා.
 ප්‍රේමවන්තයා සැමියා වුණාට පස්සේ වෙනස් වනවා කියලා කියන කතාව ඇත්තද?
මට නම් එක් පිළිගන්න බැහැ. ප්‍රේමවන්තයින් විදියට ඉන්න කාලෙ දෙන්නට දෙන්නා හොඳින් අවබෝධ කරගෙන හිටියා නම් එහෙම වන්න විදියක් නැහැ. හසංජිත් කියන්නේ මාව ඉතාමත් හොඳින් තේරුම් ගත්ත. මගේ කටයුතුවලට ලොකුම සහයක් දෙන කෙනෙක්. ඒ හින්දා මට නම් එදා සහ අද දවසේ ඔහුගේවත් ඔහුගේ ආදරයේවත් වෙනසක් දැනෙන්නේ නැහැ.
 කොහොමද ගයේෂාගේ කලා
කටයුතු ?
පුරුදු විදියටම කෙරෙනවා. ඉදිරියේදී මගේ රසිකයින්ට ටෙලිනාට්‍ය තුළින් මාව දැකගන්න ලැබේවි. මේ දවස්වල ‘මිල්ලෑව වලව්ව‘ ටෙලි නාට්‍යයේ ඉතුරු කොටස් රූගත කෙරෙනවා. ඉදිරියේම අපේම සිනමා නිර්මාණයක් නිෂ්පාදනයක් විදියට කරන්නත් බලාගෙන ඉන්නවා.
 ගයේෂා එක්තරා බෞද්ධ කතාවක් නිෂ්පාදනය කරන්න සූදානම් වන බව පසුගිය කාලයේ ආරංචි වුණා.
ඔව්. ඒ ආරංචිය නම් ඇත්ත. බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රබල කාන්තා චරිතයක් කේන්ද්‍ර කරගෙන අපේ දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක් එක්ක මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සූදානම් වුණා. ඒත් ඒ කතාව මේ වන විට අපේ රටේ ඉන්න     අධ්‍යක්ෂවරු  දෙදෙනෙක්ම සිනමාවට නගන්න සූදානම් වෙනවා. එකම කතාව චිත්‍රපට තුනක් හදන එක තේරුමක් නැහැනේ. ඉතින් මම මගේ අදහස අත්හැරියා.
 දැන් ඔබ නිෂ්පාදනයට සූදානම් වන්නේ මොන විදියේ කතාවක්ද?
ඒකත් බෞද්ධ පසුබිම තේමා වූ ඓතිහාසික කතාවක්. වැඩි විස්තර ඉදිරියට කියන්නම්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment