ඇම්ඩගෙ කතා - ටීචර්ගෙ ප‍්‍රශ්නෙ


ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට

 තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ 

ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට

 ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවාஇ මම උත්තර දුන්නා.. එච්චරයි..

තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

ඇම්ඩා - නැහැ.. හරි..

තාත්තා - බොරු කියන්නෙපාஇ එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම

 දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

තාත්තා - හරිஇ උඹ මොකද්ද කිව්වේ?

ඇම්ඩා - පහයි කිව්වා.

තාත්තා - හරිනෙஇ ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන 

හුசூතේ ප්‍රශ්නයක්ද ඒක?

ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේஇ එතකොට 

තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment