ජංගම දුරකථනය ලබා දී බාලවයස්කාර දැරිය දූෂණය කරල


ඇමතුමක්‌ ලබා ගැනීමට තම ජංගම දුරකථනය ලබාදී ඒ වෙනුවට බාල වයස්‌කාර දැරියකගෙන් ලිංගික අල්ලසක්‌ ලබාගත් තරුණයකු කෘමිනාශක වර්ගයක්‌ පානය කොට රෝගාතුරවීමෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.


රිදීගම අධ්‍යාපන කොට්‌ඨාසයේ පාසලක 9 වැනි වසරෙහි ඉගෙනුම ලබන මෙම ලිංගික අපයෝජනයට ලක්‌වූ ශිෂ්‍යාව 13 වියෑතිය.

මව සිදුකරගත් වෙනත් විවාහයක්‌ නිසා ප්‍රදේශයෙන් පිට ජීවත් වෙන අතර පියාගේ දෙවැනි විවාහයේ මව (සුළුමව) විදේශගතව ඇති නිසා මෙම ශිෂ්‍යාව තම ආච්චි අම්මා සමඟ ජීවත්වෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ආච්චි අම්මා වන සව්වාදේවයලාගේ කරුණාවතී (60) යන අය රිදීගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ස්‌ථානාධිපති එම්. එම්. එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර තරුණයකු අත්අඩංගුවට ගෙන රම්බඩගල්ල මහෙස්‌ත්‍රාත් ඩී. එම්. ඩී. සී. බණ්‌ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කළේය.

2014 සැප්තැම්බර් සිට මෙම දැරිවිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්‌වී ඇති බව පොලිසිය විසින් කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇති අතර සිද්ධියට තවත් අය සම්බන්ධදැයි පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වයි.

මේ අතර මෙම පාසල් ශිෂ්‍යාවට සමාජ රෝග බෝවී ඇද්දැයි සොයා බැලීම පිණිස ඇය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සමාජ රෝග අංශය වෙත යොමුකළ බව පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට සම්බන්ධයෑයි සැකකරන කෘමි නාශක පානය කළ තරුණයා සහ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති තරුණයා දෙල්විට ගොරකඇල අවට පදිංචිකරුවෝa වෙති.

කුරුණෑගල සහකාර පොලිස්‌ අධිකාරි එස්‌. කේ. එස්‌. විෙ-ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත රිදීගම පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. එම්. එම්. එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. ඒකනායක, පො.සැ.(23849) නිමල් සහ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පො.ප. අයිරින් ප්‍රනාන්දු යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment