මම තාම තෘප්තිමත් වූනේ නෑ (ගීතා සියල්ල පවසයි)


දකුණු පළාත් සභා‍වේ මන්ත්‍රීවරියක ‍ලෙස තමන් අ‍පේක්ෂා කළ ‍සේවය මහජනතාවට ලබාදීමට හැකිවී නැති අතර පළාත් සභාවට පැමිණ වාඩි වී හිද කැන්ටි‍මෙන් ‍තේ එකක් බී ආපසු යන බවද ‍මේ‍සේ පඩි ලබා ගැනීම පාපයක් බවද ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පැවැසුවාය,  වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය ‍මෙ‍සේද කීවාය, මම ‍දේශපාලනයට ආ‍වේ මුදල් හම්බ කරන්න
‍නෙ‍වෙයි, අසරණ ජනතාව වෙනු‍වෙන් යමක් කරන්නයි, නමුත් ප්‍රධාන ඇමැතිවරයයි අ‍නෙක් ඇමැතිවරු ටිකයි වැඩ කරනවා, අපි පළාත් සභා රැස්වීමට ඇවිත් වාඩි ‍වෙලා ඉදලා කැන්ටි‍මෙන් ‍තේ බීලා ‍ගෙදර යනවා, ‍මෙ‍හෙම ගන්න පඩියටත් පව්, පළාත් සභාව නිකම්ම නිකම් සුදු අලි‍යෙක්, මම කනගාටු ‍වෙනවා නිකරු‍ණේ කාලය කා දැමීමට සිදුවීම පිළිබද. මම ඉන්නේ තෟප්ති‍යෙන් ‍නො‍වේ, මම තෘප්ති‍මත් නැත්තේ පළාත් සභාව තුළින් මන්ත්‍රීවරියක ‍ලෙස ජනතාවට ලබාදිය හැකි ‍සේවය ලබාදීමට ‍නොහැකි වීම නිසයි, ‍මේක ඇතු‍ළේ ති‍යෙන්නේ පුදුම මාෆියාවක්, මන්ත්‍රීවරියක ‍ලෙස පත්වී ‍මේ දක්වා මට එක රස්සාවක් ලබාදීමට ලැබිලා නෑ, ‍‍මේ පළාත් සභාව තුළින්, මම වැඩ කරනවා, ඒ වැඩ කරන්නේ මධ්‍යම රජ‍යේන් ලැබුණු මුදල් මගිනුයි, පළාත් සභාව තුළ යන්නේ පුදුම මාෆියා එකක්, ඒ ගැන කනගාටු ‍වෙන බව මන්ත්‍රීවරිය සදහන් ක‍ළේ බිදුණු ස්වරයකිනි. මන්ත්‍රීවරිය ‍මේ බව සදහන් ක‍ළේ ඊ‍යේ දකුණු පළාත් සභා සංකීර්ණ‍යේදී මාධ්‍යවේදීන් සමග අදහස්  දක්වමින්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment