රතු තරුවේ විලක් තිබිලා

23E2C72900000578-2865886-Gale_Crater_on_the_planet_Mars_as_it_is_today_Gale_Crater_is_96_-a-8_1418087617955
අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක්කි හමුවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.

කියුරියෝසිටි රොබෝ රෝවරයෙන් ලැබුණු ඡායාරූප හා වෙනත් දත්තයන් විශ්ලේෂණය කර ඇති ඔවුන් පවසන්නේ ජල පහරක් ගලන විට එය ඉතිරි කර යන ඛනිජ ලවණ වැනි සංඝටකයන් ගේල් ආවාටයේ තැන්පත්ව ඝණවී තිබෙනු ඉන් හඳුනාගත හැකිවූ බවයි.
ඒ අනුව අඟහරු මත ජලය තිබුණු බව දැන් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බව ඔවුහු කියති.
ගේල් ආවාටය යාබදව පිහිටන කඳු තීරයක් වැනි භූමිය අතීතයේ තිබී ඇත්තේ ජලයෙන් යටව බවද පැවසේ.එම කඳු තීරයේ වඩා උස් ප්‍රදේශවල සිට ජලය ගේල් ආවාටය වෙත ගලාවිත් එක්රැස් වන්නට ඇතැයි විද්‍යාඥයින්ගේ අදහසයි.
ලැබී තිබෙන තොරතුරු වලට අනුව වසරේ එක් කාලයක අඟහරු මත ජලාශ හා විල් පැවති උණුසුම් කාලගුණයක්ද, අනෙක් කාලයේ එම ජලාශ ඝණවී අයිස්වන සිසිල් කාලගුණයක්ද පැවත තිබේ.මෙය විද්‍යාඥයින් මුලින් සිතාසිටියාට වඩා වෙනස් තත්ත්වයක් බව සඳහන්ය.
මුල්ම මතයවී තිබුණේ අඟහරු මත සම්පූර්ණ සිසිල් කාලගුණයක් පවතින්නට ඇතය යන්නය.ජලය තිබෙන්නට ඇත්තේ අයිස් ලෙස යැයි ඉන් පැවසුණි.
නමුත් මේ නව සොයාගැනීම හමුවේ එම අදහස වෙනස් කරගැනීමටත්, අඟහරු වලට ගැලපෙන කාලගුණ ආකෘතියක් නිර්මානය කිරීමටත් සිදුවන බව විද්‍යාඥයෝ පවසති.
ජලය ද්‍රව ස්වරූපයෙන් පැවතුනු බවට මෙසේ ප්‍රබල සාක්ෂි හමුව තිබීමත් සමග අඟහරු මත ජීවය තිබී ඇතැයි යන මතය නැවත වරක් කරළියට පැමිණ තිබේ.ජලය ද්‍රව ලෙස පැවතුනේ නම් ජීවයක් පැවතීමට ඉහළ සම්භාවිතාවක් තිබෙන බව විද්‍යාඥයෝද පිළිගනිති.මේ සම්බන්ධව පර්යේෂණ කටයුතු ඉදිරියේදී සිදුකෙරෙණු ඇත.
මේ තොරතුරු අඟහරු ජයගැනීමට නාසා ආයතනය දියත් කර තිබෙන වැඩසටහනේ ඉදිරි කටයුතු වෙනුවෙන් යොදාගැනීමට යන බව සදහන්ය.
23E2B3BD00000578-2865886-Mount_Sharp_compared_to_mountains_on_Earth_The_elevation_of_Moun-a-10_1418087617981

23E29A3900000578-2865886-This_image_shows_an_example_of_a_thin_laminated_evenly_stratifie-a-11_1418087617992

23E2607E00000578-2865886-This_evenly_layered_rock_photographed_by_the_Mast_Camera_Mastcam-a-9_1418087617969

23E2607600000578-2865886-Mount_Sharp_as_it_once_was_Observations_by_the_rover_indicate_Ma-a-7_1418087617942
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment